චන්දික හතුරුසිංහ යළි දිවයිනට කැඳවන ලකුණු | දිනමිණ

චන්දික හතුරුසිංහ යළි දිවයිනට කැඳවන ලකුණු

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව යළි දිවයිනට කැඳවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා පවසයි.

එක්දින තරගාවලියෙන් පසු චන්දික හතුරුසිංහ දිවයිනට කැඳවා ලෝක කුසලානය සම්බන්ධයෙන් වන සැලසුම් පිළිබඳව ඔහු සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

ඒ අනුව දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස ඔස්ට්‍රේලියානු ජාතික ස්ටීව් රික්සන් කටයුතු කරනු ඇති.

ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර තරග 03 කින් සමන්විත 20 යි 20 ක්‍රිකට් තරගාවලිය ලබන අඟහරුවාදා ආරම්භ වීමට නියමිතයි.

නව අදහස දක්වන්න