ඕනම කෙනෙකුට විරුද්ධ විය හැකි ත්‍රි පුද්ගල මහාධිකරණය | දිනමිණ

ඕනම කෙනෙකුට විරුද්ධ විය හැකි ත්‍රි පුද්ගල මහාධිකරණය

වංචා දූෂණ නාස්තිය සම්බන්ධයෙන් දේශපාලඥයින් රජයේ නිලධාරීන් මෙන්ම  ඕනම කෙනෙකුට විරුද්ධව ත්‍රි පුද්ගල මහාධිකරණයේ නඩු ගොනු කළ හැකි බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.
 
ඇය මෙම අදහස් පළ කළේ දෙවන ස්ථිර ත්‍රි පුද්ගල මහාධිකරණය විවෘත කිරීමේ අවස්ථාවට අළුත් කඩේ මහාධිකරණ පරිශ්‍ර යේදී අද (14) පෙරවරුවේ එක්වෙමිනි .
 
එහිදී මාධ්‍ය වේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන් අමාත්‍යවරිය තවදුරටත් මෙසේ ද සඳහන් කලාය.
 
“අපේ යහපාලන රජයේ ප්‍රතිපත්තියක් හැටියට මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් වෙච්ච ඕනම සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂා කරන්න ත්‍රී පුද්ගල මහාධිකරණ පිහිටුවන්න කටයුතු කළා.පළවෙනි එක පිහිටුවා.තුනක් තමයි පිහිටුවන්න බලාපොරොත්තු වෙන්නේ.දෙවැනි එක අද දවසේ විවෘත කරනවා.අධිකරණ සංවිධාන පනත සංශෝධනය වන හැටියට තමයි දෙවැනි එක අද පිහිටු වන්නේ.
විශේෂයෙන්ම වංචා දූෂණ නාස්තිය සම්බන්ධයෙන් වන පැමිණිලි සම්බන්ධව ඕනම කෙනෙකුට විරුද්ධව ගොනු කරන දේශපාලඥයින් රජයේ නිලධාරීන් ද ඕනම කෙනෙකුට විරුද්ධව ගොනු කරනවා.නීතිපතිතුමා හා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්තුමාලාට නඩු පැවරීමේ අයිතිය තියෙනවා.“
 
 
“රජයක් විදිහට විශේෂයෙන්ම අපි ඒ ඒ පුද්ගලයින්ව මේ රටට එවන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා .මහ බැංකුවේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අධිපතිවරයා විතරක් නොවෙයි.මිග් යානා ගනු දෙනුවලට අත්‍යවශ්‍ය වෙලා තියෙන උදයංග වීරතුංග පවා එවන්න කියලා අපි කියලා තියෙන්නේ.එවන නොඑවන එක ඒ රටවල් වල කටයුතු කරන විදිහට තමයි.අපිත් මේ බලා ගෙන ඉන්නේ ඒ වගේ සිද්ධි එහේ අය මෙහේ ඇවිල්ලා කළොත් බාර දෙන කොට අපිටත් ඒ වගේ තීරණ ගන්න වෙයි.“ යනුවෙන් ද කියා සිටියාය.
 
මෙහිදී අමාත්‍යවරිය අතින් දෙවන ස්ථිර ත්‍රි පුද්ගල මහාධිකරණයේ  රෙජිස්ටාර් සුජීවා ලක්මාලී මහත්මිය වෙත අධිකරණය සංකේතාත්මකව භාරදීම සිදු විය.
 
මෙම අවස්ථාවට අධිකරන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඩී.බී.මීගස්මුල්ල මහතා ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක් විය.
 
 

නව අදහස දක්වන්න