මාර්ග ව්‍යාපෘති 200ක් 17වනදා ජනතාවට | දිනමිණ

මාර්ග ව්‍යාපෘති 200ක් 17වනදා ජනතාවට

(ක්‍රිසන්ති විතාරණ) 
 
මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය  කබීර් හෂීම් මහතාගේ " රන් මාවත්" සංකල්පය යටතේ යහපාලන රජය විසින් සංවර්ධනය කර වැඩ අවසන් කරන ලද මාර්ග ව්‍යාපෘති 200ක් ජනතා අයිතියට පත් කිරීමේ ජාතික මහෝත්සවය මාර්තු 17වනදා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්  මාවනැ‍ල්ලේ දී පැවැත්වේ.
 
ඒ අනුව මාවනැල්ල හෙම්මාතගම ගම්පොල මාර්ගය, මාවනැල්ල - අරණායක මාර්ගය, මාවනැල්ල - රඹුක්කන යන මාර්ග සහ ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක යාකරමින් ඉදි කල කොච්චිකඩේ නව පාලම ජනතා අයිතියට පත් කිරීමට නියමිතය. 
 
ඊට අමතරව කොච්චිකඩේ පාලම අසල දී මෙන්ම  මීට සමගාමීව දිවයිනේ සියලූ දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි "රන් මාවත්"  මාර්ග ව්‍යාපෘති 200ක් ජනතා අයිතියට පැවරේ. 
 
මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ආයෝජනය කර ඇති සමස්ත මුදල රු.කෝටි 3000කට අධික ය. 
 

නව අදහස දක්වන්න