කැවුමාගේ හවුල්කාරියක් පොලිසිය සොයයි | දිනමිණ

කැවුමාගේ හවුල්කාරියක් පොලිසිය සොයයි

 පසුගියදා අඅත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින දොඩම්දූව වඩුගේ කැළුම් ඉන්දික සම්පත් නොහොත් ‘කැවුමා‘ නැමැති සැකකරුගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකාරියක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
 
සැකකාරියගේ ඡායාරූපයක් සමඟ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පහත සදහන් තොරතුරු ප්‍රසිද්ධ කර ඇත. 
 
නම - මහඋඩුවගේ දොන් නිරෝශා නිල්මිණී පෙරේරා නොහොත් තුෂාරි 
වයස - අවුරුදු 47
ලිපිනය - අංක 01,ජනතා පෙදෙස,කටුබැද්ද,මොරටුව
 
මෙම සැකකාරිය සම්බන්ධයෙන් තොරතුරු ඇතොත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කැලණිය උපාලි ජයසිංහ මහතාගේ 071-8591589 දුරකථන අංකය දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මහජනතාවට දැනුම් දෙනු ලැබේ.
 

නව අදහස දක්වන්න