ජනපතිට නයිරෝබි නුවර දී විශේෂ පිළිගැනීමක් | දිනමිණ

ජනපතිට නයිරෝබි නුවර දී විශේෂ පිළිගැනීමක්

කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හතර වැනි සැසිවාරය සඳහා සහභාගිවීමට දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (13) රාත්‍රීයේ නයිරෝබි නුවර ජොමො කෙන්යාටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා විය.

එහිදී එරට විශේෂ නියෝජිත පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස හරසරින් පිළිගත්හ.

කෙන්යා විදේශ කටයුතු ප්‍රධාන පරිපාලන ලේකම් Ababu Namwamba ,ජලසම්පාදන හා සනීපාරක්ෂක කටයුතු පිළිබඳ අැමැති මෙන්ම කැබිනට් ලේකම් Simon Kiprono Chelugui යන මහත්වරුන් සහ කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සුනිල් ද සිල්වා මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර ජනාධිපතිතුමා නවාතැන් ගන්නා හෝටලයේ දී ද එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරින් ජනාධිපතිතුමාව සාම්ප්‍රදායානුකූලව පිළි ගත්තේය.

ඡායාරූප : සුදත් සිල්වා


නව අදහස දක්වන්න