පියයුරු පිළිකා එන්නතක් වන “ටැබ්සුමාබ්”ගැන කරන ප්‍රචාර බොරු | දිනමිණ

පියයුරු පිළිකා එන්නතක් වන “ටැබ්සුමාබ්”ගැන කරන ප්‍රචාර බොරු

සන්ධ්‍යා කරුණාරත්න

පියයුරු පිළිකා එන්නතක් වන “ටැබ්සුමාබ්” පිළිබඳව සිදු කරන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ජාතික අක්ෂි රෝහලේ පැවැති උත්සවයට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව පසුගියදාපෙරේදා (11) පැවැසුවේය.

බහුජාතික සමාගමක් විසින් ආනයනය කළ පියයුරු පිළිකා එන්නතක් අලෙවි කළේ රුපියල් දෙලක්ෂ අසූපන්දහසකට බවත් ඊට ආදේශකයක් ලෙස රුසියාවෙන් එන්නතක් ආනයනය කළත් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගනිමින් තහනම් නියෝගයක් ඒ සඳහා නිකුත් කළ බවත් ඇමැතිවරයා කීය.

පිළිකා ඖෂධ මිල අඩු කිරීමට විවිධ තීන්දු තීරණ ගත් බවත් ඖෂධ අලෙවි කරමින් කොමිස් ලබා ගන්නේ නම් වැඩි මුදලට අලෙවි වන ඖෂධවලින් කොමිස් ලබා ගත හැකිව පැවැති බවත් ඇමැතිවරයා කීය.

එන්නත්වල මිල අඩු කර කොමිස් ලබා ගත නොහැකි යැයි ද, මේ එන්නත පිළිබඳව සිදු කරන ප්‍රචාරණවල සත්‍යතාවක් නොමැති යැයි ද ඇමැතිවරයා පැවසීය.

මෙරට ජනතාවට හොඳක් කළොත් බැනුම් අසන්නට සිදු වන බවත් අනගාරික ධර්මපාලතුමාට සහ මහාචාර්ය සේනක බිබිලේ මහතාට ද සිදු වූයේ එවැනි දෙයක් බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.


නව අදහස දක්වන්න