උදයංග-අර්ජුන් එවන්නැයි අදාළ රටවලට දැන්නුවා | දිනමිණ

උදයංග-අර්ජුන් එවන්නැයි අදාළ රටවලට දැන්නුවා

කමනි අල්විස්

මිග් ගනුදෙනු පිළිබඳ අවශ්‍ය උදයංග වීරතුංග මහතා පමණක් නොව අර්ජුන් මහේන්ද්‍රන් මහතාත් මෙරටට එවන ලෙසට අදාළ රටවලට දැනුම් දී තිබෙන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනී නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පැවැසුවාය. වීරතුංග සහ මහේන්ද්‍රන් මහත්වරු මෙරටට එවීම පිළිබඳ තීරණය ගන්නේ එම රටවල් බවත් ඇය ප්‍රකාශ කළාය.

අධිකරණ සංවිධාන පනතේ සං‍ශෝධන යටතේ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ පිහිට වූ බවත් පෙන්වා දුන් ඇමැතිනී නීතිඥ අතුකෝරළ මහත්මිය මෙම අධිකරණවල නඩු පැවරීම් සිදුකරනු ලබන්නේ නීතිපතිවරයා සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා බවත් අවධාරණය කළාය.

දේශපාලනඥයන්ගේ සහ රජයේ නිලධාරීන්ගේ වංචා දූෂණ මූල්‍ය අපරාධ, අල්ලස් ගැනීම් සම්බන්ධව අදාළ නඩු සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණය ක්‍රියා කරන බවටත් ඇමැතිවරිය සඳහන් කළාය.

ඇමැතිවරිය මේ බව පැවසුවේ ඊයේ (14) කොළඹ අලුත්කඩේ මහාධිකරණ පරිශ්‍රයේදී දෙවන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය සමරු ඵලකය නිරාවරණය කරමින් විවෘත කිරීමෙන් පසුව මාධ්‍යවේදීන්ගේ විමසීම් හමුවේ පිළිතුරු දෙමින්ය.

නව අදහස දක්වන්න