“ඇසිදිසි” ජනමාධ්‍ය ශිෂ්‍යත්ව ප්‍රදානය අද | දිනමිණ

“ඇසිදිසි” ජනමාධ්‍ය ශිෂ්‍යත්ව ප්‍රදානය අද

සුභාෂිණී සේනානායක
ජයසිරි මුණසිංහ

ජනමාධ්‍ය අමාත්‍යාංශය වාර්ෂිකව ක්‍රියාත්මක කරන “ඇසිදිසි” ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහනින් මේ වසරේ නිල ශිෂ්‍යය‍ත්ව පිරිනැමීමේ උත්සවය ජනමාධ්‍ය හා ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී අද (15) උදේ10ට පැවැත්වේ. විසිඑක්වන සියවසේ අභියෝගයන්ට මුහුණදීම සඳහා මාධ්‍යවේදීන්ට පුහුණු පාඨමාලා මගින් තම වෘත්තීය කුසලතා වර්ධනයකර ගැනීමට ඉඩ ප්‍රස්ථා සලසාදීම හා උනන්දු කරවීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බව ජනමාධ්‍ය අමාත්‍යාංශ්‍ය කියා සිටී.

පිළිගත් විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල වසර තුනක සේවා කාලයක් සපුරා ඇති පූර්ණකාලීන හෝ අර්ධ කාලීන පදනම මත සේවයේ නියැලී සිටින මාධ්‍යවේදීන්, නිදහස් මාධ්‍ය වේදීන් , ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සහ වෙබ් මාධ්‍යවේදීන්ට ආපසු නොගෙවන පදනම යටතේ මෙම ශිෂ්‍යත්වය ලබා දේ. උපාධි, පශ්චාද් උපාධි පාඨමාලා සඳහා රුපියල් ලක්ෂ දෙකක (200,000) මුදලක් හෝ කෙටි කාලීන හෝ දිගු කාලීන සහතික පත්‍ර පාඨමාලා, ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා පාඨමාලා සඳහා රුපියල් ලක්ෂයක (100,000) උපරිමයකට යටත්ව මෙම ශිෂ්‍යත්ව මුදල ලබා දෙන අතර, ශිෂ්‍යත්වලාභීන්ට පිළිගත් විශ්වවිද්‍යායාල, උසස් අධ්‍යාපනික පුහුණු ආයතන මඟින් පවත්වන මාධ්‍ය ක්ෂේත්‍රයට අදාළව පාඨමාලා හැදෑරිය හැක. ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් මාධ්‍යවේදීන් වෙනුවෙන් ආපසු නොගෙවන පදනම යටතේ ක්‍රියාත්මක කරන මෙම “ඇසිදිසි” ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය යටතේ උපාධි හා පශ්චාද් උපාධි හැදෑරීම සඳහා මෙතෙක් ලබා දෙන ලද රු.100,000ක මුදල මෙවර රු . 200,000ක් දක්වා වැඩිකර තිබීම විශේෂත්වයකි.

මෙම වසරේ ජනමාධ්‍යවේදීන් 109දෙනෙක් සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට නියමිතය.

නව අදහස දක්වන්න