මානව හිමිකම් සැසියට ඇමැති මාරපන ඇතුළු පහකගේ දූත පිරිසක් | දිනමිණ

මානව හිමිකම් සැසියට ඇමැති මාරපන ඇතුළු පහකගේ දූත පිරිසක්

මානව හිමිකම් කවුන්සිලයේ 40වැනි සැසිවාරයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාව ගැන සාකච්ඡා වන සැසියට විදේශ කටයුතු ඇමැති තිලක් මාරපන මහතාගේ නායකත්වයෙන් පස්දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් සහභාගී වෙති.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම, උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන්, විදේශ කටයුතු ලේකම් රවිනාථ ආර්යසිංහ සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඒ. නෙරින් පුල්ලේ මහත්වරුන් අනෙකුත් සාමාජික‍යෝ වෙති.

මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරියගේ කාර්යාලය සකස් කළ ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ පිළිබඳ වාර්තාව සලකා බැලීම දැනට පැවැත්වෙමින් ඇති මානව හිමිකම් කවුන්සිලයේ 40වැනි සැසිවාරයේ දී 2019 මාර්තු 20 වැනි දින සිදු කෙරෙන අතර, ශ්‍රී ලංකාව සම අනුග්‍රාහකත්වය දක්වා ඇති, එම මැයෙන්ම යුත් ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනා සම්මතය 2019 මාර්තු 21වැනි දින සලකා බැලීමට නියමිතය.


නව අදහස දක්වන්න