වසර 2025 වන විට ශ්‍රී ලංකාව ශක්තිමත් රටක් ලෙස ගොඩනඟනවා | දිනමිණ

වසර 2025 වන විට ශ්‍රී ලංකාව ශක්තිමත් රටක් ලෙස ගොඩනඟනවා

ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර
මහින්ද අලුත්ගෙදර

වසර 2025 වන විට ශ්‍රී ලංකාව ශක්තිමත් රාජ්‍යයක් ලෙස ගොඩනඟන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (15) ප්‍රකාශ කළේය.

පසුගිය පාලන සමයේදී ජී. එස්. පී. සහනය අපට අහිමි වීම හේතුවෙන් එහි වාසිය බංග්ලාදේශයට හිමිවූ බවත් එබැවින් නැවත වතාවක් අපට ඇති අවස්ථාවන් බංග්ලාදේශය, වියට්නාමය, සිංගප්පුරුව හෝ වෙනත් කිසිවකුට ලබා කිසිවකුට ලබා නොදෙන බවත් අගමැතිවරයා පැවැසීය.

එමෙන්ම පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමය මෙරට ස්වර්ණමය යුගය ලෙස බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළත් එම පාලන සමයේදී රටට අහිමි වූ ජී. එස්. පී. සහන හේතුවෙන් බංග්ලාදේශයට නම් ස්වර්ණමය යුගය උදා වූ බවත් අගමැතිවරයා පැවැසීය.

අගමැති රනිල් වික්‍රසිංහ මහතා මේ බව සඳහන් කළේ ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන වෘත්තිය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශ පිළිබඳ වැය ශිර්ෂයේ විවාදයට එක්වෙමිනි .

එහිදී අගමැතිවරයා මෙසේද කීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා,

මේ පාර්ලිමේන්තුවේදී ලංකා මැරයින් සර්විස් ප්‍රශ්නය ගැන වාසුදේව ඇමැතිවරයා කිව්වා. එම තීරණය ගන්නේ 2000 අගෝස්තු 17 වෙනිදා මම එහි ඇමැතිවරයාත් නොවෙයි. විශේෂයෙන්ම රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිසංස්කරණ කොමිෂම තමයි මෙහි වගකීම දැරුවේ. ශේෂ්ඨාධිකරණ තීන්දු කළා . එම කොමිෂම කැබිනට් තීරණයට එහි ගියා කියලා. මිලින්ද මොරගොඩ මහතා ඇමැති ලෙස කටයුතු කළා. එහිදී කොමිෂමේ කටයුතු ගැන අධිකරණය හොඳ කිව්වා. ඒ ගැන අදහස් දැක්වූ පී. බී. ජයසුන්දර මහතා එතැන සභාපති, තනතුරේ සිටියා. මටවත් කාටවත් මුකුත් කියලා නෑ.

පර්ත් ආයතනය තමයි සම්පූර්ණ වගකීම දරලා තිබෙන්නේ. ඇත්තටම මෙහි කිසිම තැනක මම ගැන කියලා නෑ. සුමන්තිරන් මහතා තමයි ඔහු වෙනුවෙන් පෙනී සිටියේ. මිලින්ද වෙනුවෙන් ඔහු පෙනී සිටිනවා නම් ආයතන සම්බන්ධයෙන් මැරයින් සර්විස් සම්බන්ධයෙන් ඔහු කතා ‍කරනවා නම් ඔහු දැනගත යුතුයි. පී. බී. ජයසුන්දරමයි භාණ්ඩාගාර ලේකම්වරයා. ඉංග්‍රීසි පුවත්පතක් අද කියනවා කොටස් වෙළෙඳපොළ පහළ ගිහිල්ලා කියලා කොටස් වෙළෙඳපොළ පහළ යෑම ආර්ථික තත්ත්වයන් අතර කිසිදු සම්බන්ධයක් නෑ. වෙළෙඳපොළ ඉහළ පහල යනවා. එදා ණය ගැනීම වැඩිවනවිට කොටස් වෙළෙඳපල ඉහළ ගියා. ණය මුදල් කොටස් වෙළඳ පොළට එනකොට එය ඉහළ යනවා.

අදවනවිට ආර්ථිකය හොඳ අතට හැරී තිබෙනවා. කොටස් වෙළඳපොළ ඉහළ යයි . අපි ඊ. පී. එෆ් එකට කියලා තිබෙනවා කොටස් වෙළඳපොළට එන්න කියලා. අපි කියලා තිබෙනවා ගිය සැරේ ප්‍රශ්න ඇතිවෙන්නේ නෑ කියලා. අපි ආරක්ෂණයන් යොදා තිබෙනවා.

මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ස්වර්ණමය යුගය මේ රටේ තිබුණා කියලා බන්දුල ගුණවර්ධන මහතා කිවුවා. එතුමා සිංහල දන්න කෙනෙක්. 2004 ලංකාවේ අපනයනය මසා නිමකළ ඇඳුම් තුළින් අපනයන ආදායම ඩොලර් මිලියන 2800යි. 2015 දී ඩොලර් මිලියන 4600යි. 2004 සියයට 100ක් වැඩි වුණේ නැහැ. 2004 දී වියට්නාමය පේෂ කර්මාන්තයේ අපනයන ආදායම ඩොලර් මිලියන 4900යි. 2019 දී ඩොලර් මිලියන 27500යි. බංග්ලාදේශය මසා නිමකළ ඇඳුම් අපනයන ආදායම ඩොලර් මිලියන 5700යි.

2015 ඩොලර් මිලියන 25500 යි. අපේ ජී.එස්. පී. නැති කළා. කිසිවක් ගන්න බැරි වුණා. බංග්ලාදේශයේ ජී.එස්.පී. ආරක්ෂා කරලා සියයට 400ක් වැඩි කළා. අපි මෙය නැතිකර ගැනීමේ වාසියක් බංග්ලාදේශයට ගියා. ඒ නිසා ස්වර්ණමය යුගය තිබෙන්නේ බංග්ලාදේශයේ. බංග්ලාදේශයේ තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයගේ පිළිරුව ඉදිකරලා හැමදාම වඳින්න ඕන. ලබාදුන්න අපනයන වාසියට. ස්වර්ණමය යුගය ලබාදුන්නේ බංග්ලාදේශයට. බංග්ලාදේශ ජනතාව එතුමාට ස්තුතිවන්ත වීම කිසිම ගැටලුවක් නැහැ.

අපි කොහොමද කරන්නේ. අපේ රටේ අන්තිමට අපිට බාර දුන්නේ ණයක්. එතුමාගේ පවු ගෙවන්න කියලා ගියේ. අමාරුවෙන් හෝ අපි ඒ පවු ගෙවුවා. රටේ ජනතාව මේ පවු ගෙවුවා. අපි බැනුම් ඇහුවා. හදිසියේ අපිට සීනි බෝල දෙන්න තිබුණා. අපි දුන්නේ නැහැ. අපි ප්‍රාදේශීය සභාවල, නගර සභාවල පරාද කරගත්තා ඇත්ත කියන්න ගිහින්. ඒත් අද බලන්න අද අයවැය පළමු වරට වසර 70කට පසු ප්‍රාථමික ගිණුමේ, ජංගම ගිණුමේ ප්‍රාථමික ශේෂය, ජංගම ගිණුම් ශේෂය අතිරික්තයක් තිබෙනවා. වසර 70කට පසුවයි. මුදල් ඇමැතිවරයාට ඒ ගැන ප්‍රශංසා කරනවා. මොකක්ද ස්වර්ණමය යුගය. ණය වැඩි කළ යුගය ද ගිණුම් ශේෂවල අතිරික්තයක් ඇතිකළ යුගය ද ස්වර්ණමය යුගය.

මේ කාලය තුළ රටේ අනාගතය දෙස බලා සෞඛ්‍ය සේවයට මුදල් වැඩි කළා. පාසල් අධ්‍යාපනයට මුදල් වැඩි කළා. උසස් අධ්‍යාපනයට වැඩි කළා. අද ස්මාර්ට් පංති කාමර තිබෙනවා. ටැබ් දෙන්න යනවා. මේ රටේ පළමු වරට ‍ගෙවල් හැදුවා. ගම්මාන හැදුවා. වතුකරයේ නිවාස හදනවා. උතුරේ හදනවා. ඊට අමතරව ඉඩම් වලට සින්නක්කර අයිතිය දෙන්න යනවා. මේ ගැන කතා කරන්න ඕන. අපේ දියුණුව බලන්න. නැවත වරක් අපේ රටට සංචාරකයන් එනවා.

මාර්තු 4 අපි බිංගිරියේ ලංකාවේ විශාලම වෙළඳ කලාපය ආරම්භ කළා. අක්කර 1200යි. දැනටම කර්මාන්ත ශාලා 30ක ආයෝජකයන් ඉදිරිපත් වී සිටිනවා. අවසානයේ ඩොලර් මිලියන 100ක් අරගෙන යනවා අලුත්ම ආයෝජනය ලෙස ස්මාර්ට් ෂර්ට්, ඩොලර් මිලියන 100 ස්වර්ණමය යුගයට පෙර අක්කර 600ක් අපි සම්පූර්ණ කළා. දැන් වෙලා තිබෙන්නේ අපි මේ මාසය අවසන් වනවිට බිංගිරියටත් වඩා විශාල වෙළඳ කලාපයක් ආරම්භ කරනවා. ලංකාවේ දෙවැනි පිරිපහදුව හම්බන්තොට පටන්ගන්නවා. සිමෙන්ති කර්මාන්ත ශාලාව පටන්ගන්නවා.

ඒ වගේම දැන් තිබෙනවා නැව් එන වරායක්. වැඩිකල් යාමට පෙර ගුවන් යානා එන ගුවන් තොටුපළක් තියෙනවා. එදා මොනද තිබුණේ.

අද වෙනස බලන්න. මිල්ලනිය ගැනත් කතා කළා. මිල්ලනියේ ආයෝජන කරනවා. දැනට හම්බන්තොටට යන්නේ දැනට අක්කර 4000යි. ඉවරවනවිට අක්කර 12000ක් පමණ තිබෙනවා. ඊළඟට ත්‍රීකුණාමලය, ඊළඟ මාස දෙකේදී ත්‍රීකුණාමලය වෙළෙඳ කලාපය අපි ආරම්භ කරනවා.

වානේ කර්මාන්ත ශාලාව එතනට ගෙනත් ආරම්භ කරනවා. විපක්ෂය මෙතනට නොඑන එක පුදුමයක් නොවේ. මොනවද කියන්නේ. අහන් ඉන්න බැහැ. ඒ අය ස්වර්ණමය යුගයේ කළේ මොනවාද, පොල් ගෑවාද. ඒකයි අහන්න තියෙන්නේ. රටේ ප්‍රජාතන්ත්‍රවාදය අපි ස්ථාවර කළා. රටේ ආර්ථිකය හදන්නේ තරුණයින්. ඒ කරුණු ගැන මෙතන ඇමැතිවරු කතා කළා. ඒ අයට ස්තුතිවන්ත වෙනවා. මේ රටේ ආර්ථිකය දෙස අද බලන්න. කොච්චර කීවත් අපිට අද අනාගතය ගැන බලාපොරොත්තුවක් ඇතිකරගන්න පුළුවන්.

ඊළඟ අවුරුදු පහේදී 2025 වන විට මේ රට ඉදිරියට ගෙන යන්න අවශ්‍යයි. අපිට තිබෙන අවස්ථා බංග්ලාදේශයට සිංගප්පූරුවට, වියට්නාමයට හෝ කිසිවෙකුට දෙන්න අවශ්‍ය නැහැ. ඒවා අපි තබාගෙන ඉදිරියට යන්න ඕනෑ යයි පැවසීය.

නව අදහස දක්වන්න