ත්‍රිපිටකයේ ධර්ම කරුණුවලට වැරදි අර්ථකථන ලබා දුන්නොත් නීතිය ක්‍රියාත්මක කළ හැකියි | දිනමිණ

ත්‍රිපිටකයේ ධර්ම කරුණුවලට වැරදි අර්ථකථන ලබා දුන්නොත් නීතිය ක්‍රියාත්මක කළ හැකියි

චන්ද්‍රිකා පෙරේරා

ජාතික උරුමයක් බවට පත්කළ ත්‍රිපිටකයේ අඩංගු ධර්ම කරුණු සම්බන්ධයෙන් විවිධ වැරදි අර්ථකථන ලබාදීමට කිසිවෙක් කටයුතු කළොත් මින් ඉදිරිය ඊට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ හැකි බව සිංහල ශබ්ද කෝෂයේ හිටපු කර්තා, පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති, විද්‍යෝදය පිරිවෙන් පරිවෙනාධිකාරි, ආචාර්ය අකුරටියේ නන්ද නාහිමියෝ පෙන්වා දුන්හ.

බුද්ධ දේශනාව ඒ අයුරින්ම ලියැවී ඇති පැරණි එකම කෘතිය ත්‍රිපිටකය බවත් එය එක් ජාතියකට හෝ ආගමකට නොව සියලු ලෝකවාසී මනුෂ්‍යාට හිතසුව පිණිස ලෝක උරුමයක් කළ යුතු බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.

වර්තමානයේ ඇති මානසික විකෘතිතා නැතිකර මනස සුවපත් කළ හැකි එකම ඔසුව ත්‍රිපිටකයේ සදහන් සද්ධර්මය පමණක් වන අතර එහි අඩංගු ධර්ම කරුණු සමාජගත කර ජනතාව යහමගට ගැනීමට ආණ්ඩුව ප්‍රමුඛතාවය දිය යුතු බවද අකුරටියේ නන්ද නාහිමියෝ අවධාරණය කළහ.

කොළඹ සෙමා ආයතනයේ ඊයේ ( 14) පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ හිමියෝ එම අදහස් පළ කළහ.

එහිදී නාහිමියෝ වැඩිදුරටත් මෙසේ ද පැවසූහ.

ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීම මෙරට මෑත යුගයේ දී සිදුවූ වැදගත්ම සිදුවීමක්. කිසිදු වෙනසකින් තොරව බුද්ධ දේශනාව ලියවී ඇති එකම ලියවිල්ල ත්‍රිපිටකය වන අතර එහි තේරුම්ගත නොහැකි කොටස් අටුවාවෙන් හා ටීකා ටිප්පනි මගින් නිරාකරණය කර ගැනීමට හැකියි. මේ අනුව මින් ඉදිරියට කිසිවෙකුට ත්‍රිපිටය විකෘති කිරීමට හෝ එහි අඩංගු කරුණු සම්බන්ධයෙන් වැරදි අර්ථ කථන දෙන්න බැහැ. එසේ කළොත් නීතියෙන් දඩුවම් ලබාදීමට අවසරය දැන් තිබෙනවා.

ථෙරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රතිග්‍රශණය සහා වන සම්ප්‍රයාචන වැඩපිළිවෙළ “ත්‍රිපිටකාභිවන්දන සතිය “ හෙට (16) දීප ව්‍යාප්තව ආරම්භ කෙරෙන අතර 23 දා අවසන් වේ. අවසාන දිනයේ දී එහි ජාතික මහෝත්සවය මහනුවර ශ්‍රී දළදා මාළිගා මහ මළුවේදි පැවැත්වීමට නියමතව තිබෙනවා.

අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, දිවුලපිටිය ලීලා ජයතිලක ධර්ම නිකේතනාධිපති පූජ්‍ය අක්මීමන ධම්මපාල හිමියෝ

ලොව පවතින සත්‍ය රිද්මය අඩංගු ලිඛිත පැරණම එකම ලියවිල්ල වන්නේ ත්‍රිපිටයකයයි.සමස්ථ සත්ත්වයට ආවේනික ධර්මතාවය මෙමගින් සදහන් කෙරෙන අතර මානව වර්ගයාගේ විමුක්තිය දක්වා ගමන් කළ හැකි මේ සද්ධර්මය ලෝක උරුමයක් බවට පත්කිරීම ලෝකානුකම්පාවෙන් යුතුය සිදු කරන්නක් ලෙසයි අප දකින්නෙ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මේ ‘සම්මා වායාමය‘ සාර්ථක වේවා කියා අප ප්‍රාර්ථනා කරනවා.

රාජගිරිය, කලපළුවාව, නෙළුම් පෙදෙස දහම් මැදුර භාවනා මධ්‍යස්ථානයේ අනුශාසක, විනය විශාරද පූජ්‍ය මකුලෑවේ සුදස්සන ස්වාමීන් වහන්සේ.

ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරිමේ අන්‍ය ආගමික අයද භේදයකින් තොරව මෙය ආරක්ෂා කිරිමට බැ‍දෙන අතර අතීතයේ පරිවාර බෞද්ධ ග්‍රන්ථ රැසක් අන්තවාදී කණ්ඩායම් මගින් විනාශක කළා.

මේ වන විට ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත්වීම තුළින් එය විකෘති කිරීමට නොහැකි ලෙස වැට බැදී අවසන්.

ශාන්ති පදනමේ අනුශාසක, කොළඹ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය කොටපල අමරකිත්ති නාහිමියෝ.

මානසික වෛද්‍යවරු පෙන්වා දෙන ලෙස මානසික රෝගවලින් බොහෝ මානව කොටසක් පෙළෙන අතර එම ප්‍රමණතාවය මෙරටට ද බලපා තිබෙනවා. මනසට ගලාගෙන එන දේවල් හේතුවෙන් මාන විකෘති වීම නියමයක්. නමුත් ත්‍රිපිටකයේ සූත්‍ර, විනය හා අභිධර්ම කොටස් අන්තර්ගතය අනුව එහි අඩංගු සාරගර්භ කරුණු ලොව මානව සංහතිය නිරවුල් කිරීමට, මනස සුවපත් කිරීමට හැකි ආකාරය කරුණු අඩංගුයි. එය මානව සංහතිය සුවපත් කරන ඖෂධයක්. මෙය ලෝක ජනතාව නිවැරදිව ලබා ගත්තොත් අද ඇති විපරීතය නැතිව ගොස් සංහිදියාව ඇතිකර ගැනීමට හැකියි. ඒ අනුව ලෝකවාසීන්ගේ හිතසුව පිණිස මෙය ලෝක උරුමයක් බවට පත්කිරිම උතුම් කාර්යයක්.

එහිදී මාධ්‍යනැගූ ප්‍රශ්නවටල පිළිතුරුදෙමින් උන්වහන්සේ පැවසුවේ ‘ එක්තරා රාජ්‍ය නොවන සංවිධානයක් තවත් වසර පහක් පමණ ගතවන විට මෙරට භික්ෂූන් වහන්සේ ප්‍රමාණය දසදහස දක්ව අඩු කිරීමේ වෑයමක යෙදෙන අතර ලෝකයේ එමගින් වියවුලක් ඇති කිරිමට උත්සයක් තිබෙන නමුත් එය ව්‍යවර්ථ කිරීමට මේ වන විට වැඩපිළිවෙලක් භික්ෂූන් වහන්සේ විසින් ක්‍රියාවට නංවා ඇති බවය. මෙය යම් යම් ප්‍රතිලාභ ලබා ගැනීම සදහා කරන කටයුත්තක් ලෙස දැකිය හැකි බවද වරින් වර සංගායනා මගින් ධර්මය සුද්ධ පවිත්‍රකර පවත්වාගෙන පැමිණ ග්‍රන්ථාරූඩ කෙරුණේ ඒ අනුව බවද පැවසූ අතර සම්බුදුරදුන් වදාල සත්‍ය ධර්මය ආරක්ෂා කළේ ලංකාවාසීන් වන අතර එය ආරක්ෂා සහගතව ජනතා හිතසුව පිණිස ඉදිරියටත් පවත්වාගෙන යාමට ක්‍රියාත්මක විය යුතු බවද අවධාරණ කළෝය.

ජයාරූපය- නිරෝෂන් බටේපොල

නව අදහස දක්වන්න