ආසියානු යොවුන් චෙස් තරගාවලියට මින්නේරිය ප්‍රාථමිකයේ 2ක් | දිනමිණ

ආසියානු යොවුන් චෙස් තරගාවලියට මින්නේරිය ප්‍රාථමිකයේ 2ක්

ආසියානු යොවුන් චෙස් ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව හිමිකර ගැනීමට හිගුරක්ගොඩ, මින්නේරිය ප්‍රාථමික විදුහලේ 3 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන රවීජා අරුන්දි බැමිණිවත්ත සහ චමත් විදිත ජයලත් සමත්ව සිටිති.

ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ චෙස් ක්‍රීඩා තරගවලින් ජයග්‍රහණය ලබා ඇති ‍මේ දෙදෙනා මෙවර ආසියානු යොවුන් චෙස් ශූරතාවලියේදී විශිෂ්ට ජයග්‍රහණ ලබා ශ්‍රී ලංකාවට මෙන්ම සිය විද්‍යාලයට කිර්තීයක් අත්කර දීමට බලාපොරෝත්තුවෙන් පසුවෙති. චෙස් ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රවීණ උපදේශකයන් වන රජිව් තිලකරත්න, සජිත් තිලකරත්න හා උදයංගනී එදිරිසිංහ යන ගුරුවරුන් යටතේ මේ දෙදෙනා පුහුණුව ලබති. යොවුන් චෙස් තරගාවලිය ලබන මාස කළුතර, වස්කඩුවේදී පැවැත්වීමට නියමිතය.


නව අදහස දක්වන්න