රත්ගම ව්‍යාපාරික ඝාතනයට පොලිසියේ 07ක් අත්අඩංගුවට | දිනමිණ

රත්ගම ව්‍යාපාරික ඝාතනයට පොලිසියේ 07ක් අත්අඩංගුවට

ගාල්ල රත්ගම ප්‍රදේශයේදී ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් දකුණ පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් 07දෙනෙකු සහ අඩවි වන නිලධාරියෙකු අත්අඩංගවට ගෙන ඇත.
 
උප පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙක්, පොලිස් සැරයන්වරුන් දෙදෙනෙක්, පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් සහ පොලස් කොස්තාපල් රියැදුරෙක් මෙම පිරිස අතර සිටිති. 
 
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුව විසින් සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසීය.
 
රත්ගම - බූස්ස ප්‍රදේශයේ දී පැහැරගෙන ගොස් ඝාතනය කළේ යැයි කියන ව්‍යාපාරිකයින් දෙදෙනාගේ යැයි සැකකරන තවත් අස්ථි කොටස් කිහිපයක් වලස්මුල්ල - හැවැන්දෙණිය රක්ෂිතයෙන් පසුගියදා සොයා ගැණින.
 
මෙම ව්‍යාපාරිකයින් දෙදෙනා ඉකුත් ජනවාරි 23 වැනි දින පළාත් විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් පැහැරගෙන ගොස් ඝාතනය කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂණවල දී හෙළිව තිබේ.

නව අදහස දක්වන්න