පන්සල සහ ගම දියුණු කිරීමට රජයෙන් පුළුල් වැඩපිළිවෙළක් | දිනමිණ

පන්සල සහ ගම දියුණු කිරීමට රජයෙන් පුළුල් වැඩපිළිවෙළක්

ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් සිදු නොකළ ආකාරයට වත්මන් රජය පන්සල සහ ගම දියුණු කිරීමට මුදල් වෙන් කරමින් පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
 
කැකිරාව, මහඇලගමුව ශ්‍රී දේවතිස්ස රජමහා විහාරස්ථානයේ අද(18) පැවති උත්සවයේදී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය. 
 
ග්‍රාමීය කාන්තාවන් ලබාගෙන ඇති කුඩා ප්‍රමාණයේ ණය මුදල් අවලංගු කිරීමට කටයුතු කරමින් සිටින බව ද අග්‍රාමාත්‍යවරයා පැවසීය. අග්‍රාමාත්‍යවරයා පැවසුවේ ග්‍රාමීය ආර්ථිකය දියුණුකිරීම සඳහා රජය විසින් වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇති බවයි.
 
අනුරාධපුර කැකිරාව මහඇලගමුව රජමහා විහාරයේ ඉදිකිරීමට නියමිත දෙමහල් දහම් පාසල් ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත් විණ. විහාරස්ථ බෝධීන් වහන්සේ වටා ඉදිකළ අභිනව රන්වැට නිරාවරණය කිරීම  ද අගමැතිවරයා අතින් සිදුවිය.
 

නව අදහස දක්වන්න