IFS ආදා­යම ඩොලර් මිලි­යන 600 ඉක්ම­වයි | දිනමිණ

IFS ආදා­යම ඩොලර් මිලි­යන 600 ඉක්ම­වයි

ජාත්‍යන්තර මෘදුකාංග සමාගමක් වන IFS, 2018 මූල්‍ය වර්ෂය ඉහළ වර්ධනීය ආදායමක් වාර්තා කරමින් අවසන් කිරීමට සමත් විය. මෙහි දී පසුගිය වසරට සාපේක්ෂව 23% ක ශුද්ධ ආදායම් වර්ධනයක් ලබාගැනීමට සමත් වූ බව එම ආයතනය විසින් පසුගිය දා ප්‍රකාශ කර සිටියේය. එහි දී පසුගිය වසරට සාපේක්ෂව Cloud and Saas (Software as aservice) 300% ඉක්ම වූ ආදායමක්, බලපත්‍ර (License) 22% ඉක්ම වූ ආදායමක්, නඩත්තු කිරීම් (Maintenance) 13% ඉක්ම වූ සහ උපදේශන (Consulting) 10% ඉක්ම වූ ආදායමක් හිමිකර ගැනීමට සමත් විය. මෙහි දී පොලී අනුපාතය අඩුවීමට පෙර ඉපයීම (EBITDA) වර්ධනය 21% ක් විය.

2018 වර්ෂය තුළදී ඉහළ පාරිභෝගික තෘප්තිය සමඟින් ක්‍රියාත්මක වූ පරිවර්තනීය ව්‍යාපෘතීන් IFS හි ජයග්‍රහණය සඳහා බලපා ඇත. පාරිභෝගික සේවාවන් සමඟ මනාව සම්බන්ධීකරණය වීම තුළින් ක්‍රියාත්මක වූ මේ ව්‍යාපෘතීන්, ආයතනයේ වර්ධනීයත්වය සනිටුහන් කරමින් මධ්‍ය පරිමාණ ව්‍යාපාර සිට මහා පරිමාණ ව්‍යාපාර දක්වා වර්ධනයක් ඇති කරවීමට සමත් විය. මෙහි දී 2018 වසර තුළ දී IFS Aerospace & Defense නිෂ්පාදන අංශයෙන් IFS Applications 10, IFS ක්ෂේත්‍ර සේවා කළමනාකරණ (Field Service Management) 6, සහ SaaS (Software as aservice) මූලික කරගත් විසඳුම් යන සේවාවන් ක්‍රියාත්මක කිරීමට යොමු විය.

මේ පිළිබඳ අදහස් දක්වමින් IFS හි ගෝලීය ප්‍රධාන විධායක නිලධාරී ඩැරන් රූස් මහතා මෙවැනි වර්ධනයක් අත්පත් කරගනු ලැබුවේ කෙසේද සහ IFS හි අනාගතය වෙනු‍වෙන් ශ්‍රී ලංකාව තුළ සම්පත් ආයෝජනයට දායක වන බව පැවැසීය. තව ද ’2018 වර්ෂයේ දී අත්පත් කරගත් වර්ධනයත් සමඟින් අප 2019 වර්ෂයට පැමිණ ඇත්තේ අපගේ පාරිභෝගිකයන් අපට මඟ පෙන්වනු ඇතැයි යන නව හැඟීමක් සමඟින්’ යනුවෙන් ද රූස් මහතා පැවැසීය.

නව අදහස දක්වන්න