ධර්මරාජ - කිංග්ස්වුඩ් ජය පරාජයක් නෑ | දිනමිණ

ධර්මරාජ - කිංග්ස්වුඩ් ජය පරාජයක් නෑ

පුබුදු සෙනෙවිරත්න මහතා අතින් තරගයේ වීරයා හසිත ගමගේ සම්මාන ලබමින්

උපනන්ද ජයසුන්දර මහනුවර ක්‍රීඩා විශේෂ

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති ධර්මරාජ -කිංග්ස්වුඩ් 113 වැනි මහා ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

මෙම තරගයේ විශේෂ සිදුවීම් වන්නේ ධර්මරාජ පිලේ නායක සචින්ත සේනානායක ලකුණු 77 ක් රැස් කිරීමය. කිංග්ස්වුඩ් විදුහල වෙනුවෙන් දෙවැනි ඉනිමේදී හසිත ගමගේ ලකුණූ 87 ක් ලබාගත්තේය.

තරගයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ධර්මරාජ විදුහලේ හිටපු ක්‍රිකට් නායක සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් පිලේ හිටපු ක්‍රීඩක පුබුදු සෙනෙවිරත්න මහතා සහභාගි විය.

කිංග්ස්වුඩ් පළමු ඉනිම-142 (ඕවර 50.3) විනුක පොස්සපිටිය 30, හසික ගමගේ 21, හර්ෂණ වික්‍රමසිංහ 21, දීඝායු බණ්ඩාර 19 (උපේන්ද්‍ර වර්ණකුලසූරිය 44/3, රුෂාන් හේරත් 29/3, ලසිත් සමරරත්න 27/3) සහ දෙවැනි ඉනිම - 181/4 (ඕවර 56.5) හර්ෂණ වික්‍රමසිංහ 44, හසිත ගමගේ 87, විනුක පුස්සපිටිය 16, දේවින්ද දිසානායක නොදැවී 25 (උපේන්ද්‍ර වර්ණකුලසූරිය 58/2, තුෂාන් හේරත් 22/1)

ධර්මරාජ පළමු ඉනිම - 246/8 (ඕවර 38.5) සචින්ත සේනානායක 77, දුලාජ් බණ්ඩාර 37, කසුන් ගුණවර්ධන 15, යසිත සමරත්න 13, ධනුක මාරසිංහ නොදැවී 32 , විරාජ් ඇහැලේපොල 40 (දීඝායු බණ්ඩාර 65/3, ලක්මාල්ද සිල්වා 72/4 )

ඡායාරූපය - මහනුවර ක්‍රීඩා විශේෂ 


නව අදහස දක්වන්න