එංගලන්ත කාන්තාවන්ට කඩුලූ 06ක ජයක් | දිනමිණ


 

එංගලන්ත කාන්තාවන්ට කඩුලූ 06ක ජයක්

ඇලෙක්ස් හාට්ලි ගේ විශිෂ්ට පන්දු යැවීමත් ඇමී ජෝන්ස් ගේ දක්ශ පිතිකරණයත් හමුවේ එංගලන්තය සහ ශ‍්‍රී ලංකා කාන්තා කණ්ඩායම් අතර පැවති දෙවන එක්දින ක‍්‍රිකට් තරගය කඩුලූ 06 කින් ජයග‍්‍රහණය කිරීමට එංගලන්ත කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම සමත් විය.

හම්බන්තොට සූරියවැව ක‍්‍රිඩාංගනයේදී පැවති මෙම තරගයේ කාසිය වාසිය ලබාගත් ශ‍්‍රී ලංකා නායිකාව ප‍්‍රථමයෙන් පන්දුවට පහර දිමේ අවස්තාව ලබාගත් අතර එහිදී ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 තුල කඩුලූ 9 ක් දැවී ලකුණු 187 ක් ලබාගත්හ.

එහිදී හර්ශිතා මාධවී පන්දු 46 කින් ලකුණු 42 ක්ද, හන්සිමා කරුණාරත්න පන්දු 60ක් තුල ලකුණු 28ක් ලබාගත්හ.

පන්දු යැවීමේදී එංගලන්ත කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ඇලෙක්ස් හාට්ලි පන්දු වාර 10 තුල ලකුණු 36 කට කඩුලූ 3ක් දවා ගැනීමට සමත් විය.

ඉන්පසු ලකුණු 188 ක ඉලක්කයක් හඹායාම සඳහා පිටියට පිවිසි එංගලන්ත කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම පන්දු වාර 33 පන්දු 3 ක් තුල කඩුළු 4ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගැනීමට සමත් විය.

එහිදී ඇමී ජෝන්ස් 6 පහරවල් තුනක් සමගින් පන්දු 39ක් තුල ලකුණු 59ක් ලබා ගත් අතර ලෝරෙන් වින්ෆීල්ඞ් පන්දු 41 තුල ලකුණු 44 ලබාගත්හ.

පන්දු යැවීමේදී ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ඉනෝෂි ප‍්‍රියදර්ශනී පන්දුවාර 9ක් තුල ලකුණු 45 කට කඩුලූ 3ක් දවා ගැනීම විශේෂත්වයක්.

තරගයේ විනිසුරුවරුන් ලෙස ලින්ඩන් හැනිබල් සහ ප‍්‍රගීත් රඹුක්වැල්ල කටයුතු කලහ.

 (ශාෂිංක විදුසර හපුආරච්චි)

නව අදහස දක්වන්න