සෙල්ෆියක් ගසා මුහුණු පොතට දමා කොත්මලේ ජලාශයට පැනලා | දිනමිණ

සෙල්ෆියක් ගසා මුහුණු පොතට දමා කොත්මලේ ජලාශයට පැනලා

නුවරඑළිය සමූහ සී. මහගම

ඉහළ කොත්මලේ ජලාශය පසුබිමට පෙනෙන සේ සෙල්ෆි ඡායාරූපයක් ගෙන වැකියක් සමඟ එම ඡායාරූපය මුහුණුපොතට මුදාහරින ලද තරුණයෙක් ඉන් සුළු වේලාවකට පසු එම ජලාශයට පැන සියදිවි නසාගෙන ඇතැයි තලවකැලේ පොලිසිය පවසයි.

මෙසේ සියදිවි නසාගෙන ඇත්තේ නානුඔය, සමර්සෙට් වත්තේ ඊස්ඩේල් කොටසේ පදිංචිව සිටි මයිකල් ක්ලින්ටන් නමැති 23 හැවිරිද තරුණයෙකි.

මොහු සෙල්ෆි ඡායාරූපය සමඟ END OF MY LIFE. GOOD BYE GOD යනුවෙන් මුහුණුපොතට මුදාහැර තිබූ අතර ඉන් සුළු වේලාවකට පසු තලවකැලේ සුමන විදුහල අසලින් ජලාශයට පැන තිබෙන බවත් එසේ පවනින අයුරු නගරවැසියන් කීපදෙනෙකුම දැක තිබෙන බවත් මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

මේ තරුණයා පිටට රැකියාවක නිරතව සිට මීට දින කීපයකට පෙර මෙරටට පැමිණ තිබෙන අතර පෙම් සබඳතාවක් බිදී යාම සියදිවි නසාගැනීඹට හේතු වී තිබෙන බව ද හෙළිවී තිබේ.

ජලාශයේ ගිලී තිබුණ මළසිරුර තලවකැලේ පොලිස් නිලධාරීන් හා නාවික හමුදාවේ කිමිඳුම්කරුවන් එක්ව ගොඩගන්නා ලද අතර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු නුවරඑළිය මහ රෝහලේ මෘත ශරීරාගාරයේදී සිදුකරන ලදී.

 

නව අදහස දක්වන්න