හෙල්මට්-ලයිසන් නෑ යතුරුපැදිකරුට දඩය 33දාහක් | දිනමිණ

හෙල්මට්-ලයිසන් නෑ යතුරුපැදිකරුට දඩය 33දාහක්

මල්වාන සමූහ මහානාම විතානගේ

යතුරුපැදියක් ආරක්ෂක හිස් වැසුම් හා ආදායම් බලපත්‍රය නොමැතිව පොලිස් අණ‍ නොතකා ධාවනය කිරීම සම්බන්ධව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩු විභාගයකින් පසුව වරදකරු වූ තරුණයකුට රුපියල් තිස්තුන් දහසක දඩ මුදලක් ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා නියම කළේය.

පස්ගම්මන ප්‍රදේශයේ පදිංචි තරුණයකුට මෙසේ දඩ මුදලක් නියම කළේය.

මල්වතුහිරිපිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත හා රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හෙට්ටිආරච්චි නිලධාරිහු පැමිණිල්ල මෙහෙයවූහ.

 

නව අදහස දක්වන්න