නොරොච්චෝලේ දෙවන ජනන යන්ත්‍රය යථා තත්ත්වයට | දිනමිණ

නොරොච්චෝලේ දෙවන ජනන යන්ත්‍රය යථා තත්ත්වයට

නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරයේ අක්‍රිය වූ දෙවන ජනන යන්ත්‍රයේ තාක්ෂණික දෝෂය නිවැරදි කර අවසන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සදහන් කරනු ලබයි.
 
 කෙසේ නමුත්  ඇතැම් විට අද (19) දිනයේ ද විදුලිසැපයීමේ දි යම් බාධා සිදුවිය හැකි බව එම අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය.
 
ඊයේ (18) පෙරවරුවේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අදාළ ජනන යන්ත්‍රය අක්‍රිය විය.
 
එහිදී පද්ධතියේ සමතුලිතතාවය ආරක්ෂා කර ගැනීමේ ක්‍රියාමාර්ගයක් ලෙස ඇතැම් ප්‍රදේශවලට  විටින් විට විදුලි සැපයුම විසන්ධි කිරීමට පියවර ගනු ලැබීය.

නව අදහස දක්වන්න