බස් අනතුරින් සිසුන් දහතුනක් රෝහලේ | දිනමිණ


 

බස් අනතුරින් සිසුන් දහතුනක් රෝහලේ

 විනෝද චාරිකාවක යමින් සිටි පාසල් ළමුන් පිරිසක් රැගත් පුද්ගලික බස්රථයක් අම්බලන්තොට දෙහිගහලන්ද ප්‍රදේශයේදී ලංගම බස් රථයක පිටුපස ගැටීමෙන් පුද්ගලික බස්රථයේ සිටි පාසල් ළමුන් 13දෙනෙකු පමණ සුළු තුවාල ලබා හම්බන්තොට මහරෝහලට ඇතුලත්කර තිබෙයි.

අද(19)වනදා උදෑසන මෙම අනතුර සිදුව ඇති අතර බස් රථ දෙකම තංගල්ල දෙස සිට හම්බන්තොට දෙසට ධාවනය වෙමින් තිබියදී ලංගම බස් රථය මගියෙකු ගැනීම සදහා එකවර බස් රථය නතර කරන අතරතුර මෙම අනතුර සිදුව ඇත.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ගාල්ල මහින්ද විද්‍යාලයේ සිසුන් පිරිසක් රැගත් බස් රථයක් වන අතර ඔවුන් උදාසන 05ට පමණ ගාල්ල ප්‍රදේශයෙන් නික්ම ඇති අතර හම්බන්තොට විවිධ ස්ථාන නැරඹීම සදහා පැමිණෙමින් සිටි අතර මෙම අනතුරට සිදුව ඇත.

අනතුරින් බස් රථයේ ගමන්ගත් ගුරුවරුන් දෙදෙනකුද සුළු තුවාල ලබා හම්බන්තොට මහරෝහලට ඇතුලත් කර ඇති අතර අම්බලන්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබේ.

නව අදහස දක්වන්න