බඹර ප්‍රහාරයක් - සිසුන් රෝහල් ගත කෙරේ | දිනමිණ


 

බඹර ප්‍රහාරයක් - සිසුන් රෝහල් ගත කෙරේ

මොණරාගල මදුරුකැටිය මහා විද්‍යාලයේ ගසක තිබූ බඹර කූඩුවක් අද (19) දහවල් ඇවිස්සීමෙන් එම පාසලේ සිසු සිසුවියන් 16දෙනෙක් පමණ‍ සිරිගල රෝහලට ඇතුලත් කල බව මොණරාගල කලාප අධ්‍යක්ෂක සරත් බන්දු පැවසීය.
 
මෙම පාසලේ ගසක තිබූ බඹර කූඩුවකට සිසුවකු විසින් ගලක් ගැසීම නිසා බඹරු ඇවිස්සී විවේක කාලයේ පාසැල් පරිශ්‍රයේ සිටි සිසු සිසුවියන්ට බඹරුන් දෂ්ඨ කර තිබෙයි.
 
මෙම අවස්ථාවේදී පාසලේ ගුරුවරුන්ගේ මැදිහත්වීමෙන් දරුවන් පාසලේ කාමර වලට දමා දොරවල් වසා තැබීම නිසා හානිය අවම වී ඇත.
 
බඹරුන් දෂ්ඨ කිරීමෙන් විෂ ශරීරගතවී සිටි සිසු සිසුවියන් ගිලන් රථ මගින් රොහල් කරා ගෙන ගොස් තිබේ.
 
මෙම සිද්ධියත් සමග අද දිනයේ පාසල වසා දැමූ බවද අධ්‍යක්ෂකවරයා පැවසීය.
 
(ඌව පළාත් සමූහ - ප්‍රසන්න පත්මසිරි)

නව අදහස දක්වන්න