නාලක ද සිල්වා යළි බන්ධනාගාරයට | දිනමිණ

නාලක ද සිල්වා යළි බන්ධනාගාරයට

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ලබන 26 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ ඔහු අද කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායකගේ නියෝගයකට අනුවයි.

නාලක සිල්වාට එරෙහිව ඇති චෝදනා අධිකරණය හමුවේ සනාථ කිරිමට අවශ්‍ය සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමුහ මිනීමැරුම් අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් මුණසිංහ විසින් අද දින අධිකරණයට ඉදිරිපත් කරනු ලැබී ය.

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ප්‍රභූ ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටියි.

නව අදහස දක්වන්න