ජොන්ස්ටන් තවත් නඩු හතරකින් නිදහස් | දිනමිණ

ජොන්ස්ටන් තවත් නඩු හතරකින් නිදහස්

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව ගොනුකර තිබූ නඩු හතරක් අල්ලස් කොමිසම විසින් ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව ඔහු නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළේය.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියගේ නියෝගයකට අනුවයි.

එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවල පවතින තාක්ෂණික  දෝෂ හේතුවෙන් ඒවා ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසයි.

ඒ අනුව අදාළ නඩු ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අනතුරුව විත්තිකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු නිදහස් කිරීමට ද නියම කළේය.

අමාත්‍යවරයෙකකු ලෙස කටයුතු කළ අවධියේ සිය වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළ බවට චෝදනා කරමින් ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව අල්ලස් කොමිසම  මෙම නඩු හතර ගොනුකර තිබුණි.

වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව නඩු හතරක් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූණි.


නව අදහස දක්වන්න