මොසැබික් රාජ්‍යයේ සුළි කුණාටුවෙන් දහසක් මරුට | දිනමිණ

මොසැබික් රාජ්‍යයේ සුළි කුණාටුවෙන් දහසක් මරුට

මොසැම්බික් රාජ්‍යයේ ඇති වූ සුළි කුණාටුව හේතුවෙන් දහසට ආසන්න පිරිසක් මියගොස් ඇතැයි වාර්තා වේ. ඉකුත් බ්‍රහස්පතින්දා මෙම සුළි කුණාටුව එරටට දැඩි බලපෑමක් එල්ල කරනු ලැබීය.
 
කෙසේ නමුත් පසුගිය ඉරිදාවන තෙක් සහන කණ්ඩායම්වලට විපතට පත් ප්‍රදේශවලට ළඟා වීමට නොහැකි විය.
 
සුළි කුණාටුව පැයට කිලෝමීටර් 177ක පමණ වේගයකින් හමාගිය බව වාර්තා වේ. ඉන් නිවාස සහ ගොඩනැගිලි රැසක් මුළුමණින්ම විනාශයට පත්ව තිබේ. 
 
මේවන විට මොසැම්බික් රාජ්‍යයේ පමණක් මිය ගොස් ඇති සංඛයාව 84කි. 
 
කෙසේ නමුත් එරට ජනාධිපති පිලිප් නූසි සදහන් කර ඇත්තේ එම අගය දහසක් පමණ වනු ඇති බවයි. සිම්බාබ්වේ, මලාවි ඇතුළු රටවල් රැසකට ද සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල විය.  

නව අදහස දක්වන්න