අසන්ධිමිත්තා ඇවිත් | දිනමිණ

අසන්ධිමිත්තා ඇවිත්

ජපානයේ පැවති ඔසාකා ආසියානු සිනමා උළෙල නියෝජනය කළ අසනිමිත්තා චිත්‍රපටියේ රඟ පෑ නිල්මිනි සිගේරා ගැහැනු පිරිමි භේදයකින් තොරව කරන ලද චරිතය වෙනුවෙන් අති විශිෂ්ට රංගනය වෙනුවෙන් හොඳම සම්මානය ලබා ඊයේ (19) අලුයම දිවයිනට පැමිණියාය.

චීනය තායිලන්තය, ජපානය , කොරියාව, හා ඉන්දියාව වැනි රටවලින් සිනමා පට 14ක් මේ උළෙල නියෝජනය කළ බව ඇය ගුවන් තොටුපොළේදී පැවසුවාය. සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ගුරුවරියක් වන ඇය වසර 28ක් ලුම්බිණි විද්‍යාලයේ සේවය කර ඇත. මා රඟ පෑ පළමු චිත්‍රපටියටම මෙවැනි සම්මනයක් ලැබීම ගැන ගොඩක් සතුටු වෙනවා .මගේ රටට ගෞරවයක් ලබාදෙන්න හැකිවීමත් ලොකු සතුටක්, යැයි ඇය ගුවන් තොටුපොළේදී

පැවැසුවාය.

ඡායාරූපය- කුමාරසිරි ප්‍රසාද් හා අන්තර්ජාලයෙනි

නව අදහස දක්වන්න