උපකාරයට දෙහිගහලන්දේ සිසු සිසුවියෝ දුව එති | දිනමිණ

උපකාරයට දෙහිගහලන්දේ සිසු සිසුවියෝ දුව එති

අම්බලන්තොට සමූහ, හම්බන්තොට විශේෂ , මැදමුලන සමූහ

විනෝද චාරිකාවක යමින් සිටි පාසල් ළමයින් පිරිසක් රැගත් පුද්ගලික බස්රථයක් අම්බලන්තොට දෙහිගහලන්ද ප්‍රදේශයේදී ලංගම බස් රථයක පිටුපස ගැටීමෙන් පුද්ගලික බස්රථයේ සිටි පාසල් ළමයි 13 දෙනෙකු පමණ සුළු තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුලත්කර තිබේ

ඊයේ (19)වනදා උදෑසන 08.30 පමණ මෙම අනතුර සිදුව ඇති අතර බස් රථ දෙකම තංගල්ල දෙස සිට හම්බන්තොට දෙසට ධාවනය වෙමින් තිබියදී ලංගම බස් රථය මගියෙකු ගැනීම සදහා එකවර බස් රථය නතර කරන අතර තුර මෙම අනතුර සිදුව තිබේ .

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ගාල්ල මහින්ද විද්‍යාලයේ සිසුන් පිරිසක් රැගත් බස් රථයක් වන අතර ඔවුන් උදෑසන 05 ට පමණ ගාල්ල ප්‍රදේශයෙන් නික්ම ඇති අතර හම්බන්තොට විවිධ ස්ථාන නැරැඹීම සදහා පැමිණෙමින් සිටි අතර මෙම අනතුරට ලක්වී තිබේ අනතුරින් බස් රථයේ ගමන්ගත් ගුරුවරුන් දෙදෙනකුද සුළු තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර ඇති අතර අම්බලන්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබේ .දෙහිගහලන්ද විදුහල අසලදී මෙම අනතුර සිදුවූ අතර අනතුරින් විපතට පත් වූ මහින්ද සිසුන්ගේ ආධාරයට හා උපකාරයට දෙහිගහලන්ද විදුහලේ ගුරවර ගුරුවරියන් මෙන්ම සිසු සිසුවියෝ ද දැඩි සහෝදරත්වයෙන් යුතුව ඉදිරිපත්වී ඇප උපස්ථාන කරනු දැක ගත හැකිවිය.


නව අදහස දක්වන්න