කැලණි කේබල්ස් විද්වත් කතිකාවෙන් විදුලි ඉංජිනේරු ක්ෂේත්‍රයට ලොව නවතම දැනුම දෙයි | දිනමිණ

කැලණි කේබල්ස් විද්වත් කතිකාවෙන් විදුලි ඉංජිනේරු ක්ෂේත්‍රයට ලොව නවතම දැනුම දෙයි

ශ්‍රී ලංකාවේ අංක 1 ආරක්ෂිත විදුලි රැහැන් වෙළෙඳ නාමය වන කැලණි කේබල්ස් PLC සමාගම විසින් වාර්ෂිකව සංවිධාන කරන විද්වත් සාකච්ඡා මණ්ඩපය වන ‘Kelani Knowledge Forum 2019’ පසුගිය දා වෝටර්ස් එජ් හෝටලයේ දී පැවැත්වුණි. මෙවර විශේෂ ආරාධිත දේශනය පැවැත් වූයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අලෙවිකරණ මෙහෙයුම් විශේෂඥයකු වන Ambeon Group සමාගමේ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී, මුරලි ප්‍රකාෂ් මහතා විසිනි.

මෙරට ඉංජිනේරු හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ට ලොවේ නවතම දැනුම ලබාදීම හා අනාගත අභියෝග සාකච්ජාකිරීමේ අරමුණෙන් කැළණි කේබල්ස් සමාගම සත්ත්වන වරටත් පැවැත්වූ මෙම විද්වත් කතිකාවට ප්‍රමුඛතම ඉංජිනේරුවන්, ව්‍යාපෘති කළමනාකරුවන් හා සමාගම් ප්‍රධානීහු 250කට අධික පිරිසක් සහභාගී වූහ. එමෙන්ම ඉංජිනේරු හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දැනුම වර්ධනය වෙනුවෙන් මෙවැන්නක් සංවිධාන කරන එකම විදුලි රැහන් හා උපාංග නිෂ්පාදන සමාගම වන්නේද කැලණි කේබල්ස් සමාගම වේ.

මේ ‘Kelani Knowledge Forum 2019’ විද්වත් කතිකාවේ දී Ambeon Group සමාගමේ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී, මුරලි ප්‍රකාෂ් මහතා වර්තමාන ලෝකයේ ක්ෂණික වෙනස්වීමේ ස්වභාවය, ඒ සඳහා බලපාන සුවිශේෂී හේතු පිළිබඳව වටිනා කරුණු රැසක් ඉදිරිපත් කළ අතර, එයට අමතරව තම පෞද්ගලික අත්දැකීම් උදාහරණයට ගනිමින් ජීවිතය හා ව්‍යාපාරකරණය පිළිබඳව හරවත් හා ඵලදායි දේශනයක් පැවැත්විණ.

වාර්ෂිකව කැළණි කේබල්ස් PLC සමාගම සංවිධානය කරන ‘Kelani Knowledge Forum 2019’ විද්වත් කතිකාව පිළිබඳ අදහස් දැක් වූ එම සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී, මහින්ද සරණපාල මහතා පැවැසුවේ, ‘වාර්ෂිකව අප සමාගම විසින් පවත්වන මේ වටිනා කතිකාව මෙරට ඉංජිනේරු හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කාටත් සැමදා බොහෝ ප්‍රයෝජනවත් වූවක්. එමෙන්ම අප සමාගම මෙවර මෙරට ප්‍රමුඛතම ඉංජිනේරුවන්, ව්‍යාපෘති කළමනාකරුවන් හා සමාගම් ප්‍රධානීන් හමුවන්නේ තවත් සුවිශේෂී අභිමානයකින් යුතුවයි. ඒ මෙරට විදුලි ඉංජිනේරු ක්ෂේත්‍රයට ඉහළම දායකත්වයක් ලබාදීමෙන් 50 වසරක් පිරුණු මොහොතකයි. මේ විද්වත් කතිකාවේ ප්‍රධාන දේශනයට මෙවර ප්‍රමුඛතම අලෙවිකරණ විශේෂඥයකුට ඇරැයුම් කළේ ඔහුගේ ව්‍යාපාරික අත්දැකීම් ඔබ සැම සමඟ බෙදා හදාගැනීමේ අරමුණෙන්.’ යන්නය.

නව අදහස දක්වන්න