කඩුවෙල බබී නිදන් සමග දැලේ | දිනමිණ

කඩුවෙල බබී නිදන් සමග දැලේ

ගයාන් කුමාර වීරසිංහ

නිධානයකින් ගොඩගත් බව සදහන් මැණික් ගල් කිහිපයක් , බුදු පිළිමයක් සහ මත්ද්‍රව්‍ය තොගයක් සමග අංගොඩ ලොක්කා නැමැති පාතාල ප්‍රබලයාගේ ගෝලයන් දෙදෙනෙක් පෙරේදා (19) රාත්‍රියේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කඩුවෙල බබී නැමැති අපරාධකරුද අත්අඩංගුවට ගත් අය අතර සිටින බව පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කරයි. මෙම පුද්ගලයා 2007 වසරේදී සන්නද්ධ කල්ලියක් අතින් ඝාතනය වූ කොළඹ පාතාල කල්ලි නායකයෙක්වූ ප්‍රින්ස් කොලම් නැමැත්තාගේ මස්සිනාය. ඔහු සතුව තිබී හෙරොයින් ග්රෑම් 650 ක්ද කේරල ගංජා කිලෝ 02ක්ද හමුවූ බව විශේෂ කාර්ය බලකාය පවසයි.

කඩුවෙල ප්‍රදේශයේ සිදුවුණු කොල්ල කෑමකට ඉකුත් සතියේදී කඩුවෙල අධිකරණයෙන් ඔහුට වසර පහක අත්හිටවූ සිරදඩුවමක්ද ලබාදී ඇති බව සදහන්ය.

 

නව අදහස දක්වන්න