මොරටුමුල්ල ඝාතනයේ සැකකාරියක් අල්ලයි | දිනමිණ

මොරටුමුල්ල ඝාතනයේ සැකකාරියක් අල්ලයි

මොරටුමුල්ල ප්‍රදේශයේ දී පසුගියදා ඇත්වූ මනුෂ්‍ය ඝාතනවලට අනුබලදුන් සැකකාරියක් මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 
 
පසුගිය 14 වැනිදා මොරටුමුල්ල, පිළියන්දල මාර්ගයේ නිවසක් ඉදිරිපිට සිටි තිදෙනෙකුට වෙඩි තබා දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත. මෙම වෙඩි තැබීමෙන් එම නිවස ඉදිරිපිට මාර්ගයේ සිටි බස් රථ හිමිකරුවෙකු හා ඔහුගේ පුත්‍රයාගේ මිතුරෙක් ද මියගොස් තිබේ. මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන්ට නවාතැන් දුන් සැකකාරියෙක් මෙලෙස ඊයේ (20) වැලිගම දී අත්අඩංගුවට ගෙන තිබේ.
 
ඇය මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද(21) ඉදිරිපත් කිරීමට නියමිතයි. මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

නව අදහස දක්වන්න