ඇමති මංගල - රොනී හමුවක් | දිනමිණ

ඇමති මංගල - රොනී හමුවක්

 රොනී ද මෙල් මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඉටුකළ සේවය නතර කළ තැනින් ඉදිරියට ගෙන යාමට තමන් කටයුතු කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
 
හිටපු මුදල් අමාත්‍ය රොනී ද මෙල් මහතා ඊයේ(20) පෙරවරුවේ හමුවීමෙන් අනතුරුව මංගල සමරවීර මහතා මේ බව ප්‍රකාශ කළේය.
 
මෙම හමුව රොනී ද මෙල් මහතාගේ කොළඹ පිහිටි නිවසේ දී සිදුකෙරුණි.
 
දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එච් ජී සිරිසේන මහතා ද මෙම හමුවට එක්ව සිටියේය. 1977 විවෘත ආර්ථිකය මෙරටට හදුන්වා දුන්නේ රොනී ද මෙල් මහතායි.

නව අදහස දක්වන්න