අධිකරණයේ ස්වාධීනත්වය ගැන පැසසුම් | දිනමිණ

අධිකරණයේ ස්වාධීනත්වය ගැන පැසසුම්

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය හා ශ්‍රී ලංකාවේ ස්වීට්සර්ලන්ත තානාපති Hans Peter Mack  මහතා අතර හමුවක් ඊයේ (20) අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.
 
දෙරට අතර අධිකරණ පද්ධතිය අතර සහයෝගිතාවය ඇති කර ගැනීම පිළිබදව මෙහිදී අදහස් හුවමාරු විය.
 
අධිකරණයේ ස්වාධීනත්වය නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීම සදහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කරන බව මෙහිදී තානාපතිවරයා සදහන් කළේය.
 
මෙරට අධිකරණ පද්ධතියේ සංවර්ධනය ,පුහුණුවීම් ,නීතිමය ප්‍රතිසංස්කරණ දැනුම ලබාදීම, වැනි කටයුතු  සදහා ස්වීට්සර්ලන්ත රජය ලබා දෙන සහයෝගය ඉතා අගය කරන බවද අමාත්‍යවරිය මෙහිදී සඳහන් කළාය.
 
ස්වීට්සර්ලන්ත රජය ලබා දුන් සහයෝගය ඉදිරියටත් බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළාය.

අදහස් 1ක් ඇත

The judiciary in Sri Lanka is under the iron grip of the Government, cases and the judgements are dictated by the Government. Where are the cases like Thajudeen murder case, editor of leader news paper murder case, cases against fake identity cards, fake date of births, possession of two passports by Mrs Veerawansa etc.

නව අදහස දක්වන්න