රාජකීය සිසුන් රජසිසුගම අඩුපාඩු සොයා බලයි | දිනමිණ

රාජකීය සිසුන් රජසිසුගම අඩුපාඩු සොයා බලයි

කොළඹ රාජකීය විද්‍යාලයට වසර 150 ක් පිරීම නිමිත්තෙන් රාජකීය විද්‍යාලයීය සිසු ශ්‍රමයෙන් සහ ජනතා සහභාගිත්වයෙන් 1985 වසරේදී ඉදිකිරීම් අරඹා ,1986 අගෝස්තු 16 වන දින ජනාධිපති ජේ ආර් ජයවර්ධන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මැතිතුමා අතින් ජනතා අයිතියට පත්කළ “රජසිසුගම  ආදර්ශ ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවකට පසුගියදා විද්‍යාලයේ වර්තමාන සිසුන් සහ එදා රජසිසුගම ඉදිකිරීමට මුලිකත්වය ගත් ආදිසිසුන් කණ්ඩායමක් ද සහභාගීවිය.

රාජකීය විද්‍යාලයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වත්මන් සභාපති බිනුජ අමරනායක ශිෂ්‍යයාගේ මුලිකත්වයෙන් විදුහල්පති බී. ඒ අබේරත්න මහතාගේ සහ 1985 වසරේදී සංගමයේ සභාපතිත්වය දැරූ ලසන්ත ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන සංවිධානය කොට තිබුණි.

නිවසේ ජීවත්වන තරුණ තරුණියන්, පාසැල් සිසුන්, රැකියා අපේක්ෂිත හෝ ස්වයං රැකියා ඇරබීමට බලාපොරොත්තුවන පිරිස් සහ වැඩිහිටියන් වෙන් වෙන්ව හදුනාගැනීමත් ඔවුනගේ අවශ්‍යතාවයන් වෙන්කර ගැනීමත් මෙහි අරමුණ විය.
මීට අමතරව නිවාස සදහා ඇති විදුලිය, ජලය සහ වැසිකිලි පහසුකම් පිළිබද සොයාබැලීමත් , නිවසේ වර්තමාන තත්වය සහ නිවාසවල අලුත්වැඩියා කළයුතු කොටස් පිළිබද සොයා බැලීමත් සමීක්ෂණයේ තවත් මුලික කටයුත්තක් විය.

මාර්තු 20 වනදා ගමේ සියලු දෙනා විහාරස්ථානයට රැස්කරවා තිබු අතර, එහිදී රාජකීය විද්‍යාලයේ අදිසිසුන්, ජාතික නිවාස සංවර්ධන ආයතනයේ, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ,ප්‍රදේශයේ දේශපාලන නායකත්වයේ නියෝජිතයන්ගේද සහභාගිත්වයෙන් ගමේ පොදු අඩුපාඩුකම් පිළිබදව විශේෂ සාකචිඡාචාවක් පැවැත්වුණි.


නව අදහස දක්වන්න