මොරටුව සරසවියේ උප කුලපතිට නඩු | දිනමිණ

මොරටුව සරසවියේ උප කුලපතිට නඩු

(විජයානි  එදිරිසිංහ සහ ක්‍රිෂාන්ති විතාරණ)
 
රජය විසින් මෙරට පරිසරය සුරක්ෂිත කිරිම පිණිස  නව නිති අණ පනත්  පවා සකස් කර බොල්ගොඩ වැව ආශ්‍රිත ප්‍රදේශය පාරිසරික ආරක්ෂක ප්‍රදේශයක් බවට පත් කර  නිති ගත කර තිබියදි  කිසිදු අවසරයක්  දැනුම් දිමක් නොමැතිව මොරටුව විශ්ව විද්‍යාල  භුමියට  යාබදව පිහිටි බොල්ගොඩ ගග ආශ්‍රිත  අයිතිහාසික කඩොලාන පරිසරය විනාශ කර කපා දමා දැවැන්ත  පරිසර හානියක් සිදු කිරිම සම්බන්ධයෙන් එම විශ්ව විද්‍යාලයේ  උප කුලපතිවරයාට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණය  හමුවේ නඩු පැවරිමට මධ්‍යම පරිසර අධිකාරිය මගින්   පියවර ගෙන තිබෙන බව එම අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල්  පිබි හේමන්ත ජයසිංහ මහතා පවසයි.
 
 
මෙම දැවැන්ත හානිය සම්බන්ධයෙන්  දිනමිණ දිගින් දිගටම  වාර්තා  පළ කළ අතර එම වාර්තාවන් ඵළ දරමින්  මෙම හානිය  සිදු කළ පුද්ගලයන්ට  එරෙහිව මෙසේ නඩු පැවරිම සිදු වෙයි .
 
අක්කරයකටත් වඩා වැඩි ප්‍ර දේශයක පිහිටි කඩොලාන කලැව  මිට සති කිහිපයක සිට බැකෝ යන්ත්‍ර යොදා එම පරිසරයට සිදුවන හානිය පිළිබදව කිසිදු තැකිමක් නොමැතිව එම කඩොලාන කැලැ තිරිවම කපා දමා  කඩා දමන ලද ගොඩ නැගිලි සහ වෙනත් අපද්‍රව්‍ය දමා එම සම්පුර්ණ පරිසරයම විනාශයට  පත් කර තිබේ.
 
ඊට අමතරව එම කඩොලාන තිරය  තිබු ප්‍රෙද්ශය හරහා බැකෝ  ලොරි ආදි වාහන යාමට ඒමට තාවකාලිකව මාර්ගයක්ද තනා තිබේ. මෙම පරිසරය කපා දමා  දැවැන්ත  පිහිනුම් තටාකයක් ඉදිකිරිම මෙම පරිසර හානිය සිදු කළ පුද්ගලයන්ගේ  අරමුණ බව  හෙළිදරව් වුවත්  මොරටු විශ්ව විද්‍යාල පරිශ්‍රයට  පිහිනුම් තටාකයක්  අයත් නැති බව හෙළිදරව් වි තිබේ.
 
සති කිහිපයක් තිස්සේ  බර යන්ත්‍ර යොදා මෙම පරිසරය කපා දමා සිදුකර ඇති හානය නිසා එම කඩොලාන පරිසරය තුළ ජිවත් වු විවිධ වර්ගයේ පක්ෂි විශේෂයන්  වටිනා  ජලජ පැලැටි සහ එම කඩොලාපරිසරය ට අයත්ව තිබු  ස්වාභාවික සම්පත් විශාල ප්‍රමාණයක්  විනාශ වි ගොස් තිබේ.
 
පරිසර පනත යටතේ  පාරිසරික ආරක්ෂක ප්‍ර දේශ වශයෙන්  ප්‍රකාශයට පත් කර ඇති පරිසරයක අධිකාරිය නොවන කිසිම තැනැත්තකු විසින් ඒ ආරක්ෂිත ප්‍රෙද්ශය ඇතුලත සැළසුම් සම්පාදනයට සහ සංවර්ධනයට  අදාල බලතල කාර්ය සහ කර්තව්‍ය කිසිවක් ක්‍රියාත් මක කිරිමඉටු කිරිම නොකළ යුතු බව ජාතික පාරිසරික පනත 1988 අංක 56  දරණ  සංශෝධන පනතේ 24 වන අනු වගන්තිය යටතේ වු  නියෝගයන්  වල සදහන් වෙයි  එමපනතට විරුද්ධව කටයුතු කරන පුද්ගලයන් සම්බන්ධයෙන්  අධිකරණය හමුවේ නඩු පවරා දැඩි දඩුවම්  නියම කිරිම සිදු විය හැකිය.
 
මෙම විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකුගේ ඉල්ලිම මත එම විශ්වවිද්‍යාලයේ  උප කුලපතිවරයාගේද දැනුවත් භාවය  මත  වසර සියයකටත් වඩා වැඩි  කාලයක්  පැරණි මෙම බොල්ගොඩ වැව  ආශ්‍රිත කඩොලාන පරිසරය එම විශ්වවිදයාලයට යාබද දැවැන්ත ආරක්ෂක වළල්ලක් ලෙසත් සුන්දර පරිසරයක් ලෙසත්  පැවතුණි. 
 
මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් හේමන්ත ජයසිංහ මහතා පවසා සිටියේ මෙම දැවැන්ත පරිසර හානිය සම්බන්ධයෙන්  පැමිණිල ලැබුණ වහාම එම අධිකාරියේ නිරික්ෂණ කණ්ඩායමක් එම ස්ථානයට ගොස් සිදුවි ඇති හානිය නිරික්ෂණයට භාජනය කර ඒ සම්බන්ධ පරික්ෂණයක් පවත්වා  ඒ සම්බන්ධ වාර්තාව තමන්වෙතඉදිරිපත් කර තිබු අතර  එම වාර්තාවට අනුව මෙම කඩොලාන පරිසරය කපා විශාල පරිසර හැනියක් සිදුකර  ඇති බව අදාල පරික්ෂණ කණ්ඩාම විසින් තිරණයකර  ඇති බවයි.අනතුරුව මෙම හානිය යථා තත්ත්වයට පත් කළ නොහැකි දෙයක් බැවින් එම හානිය සිදුකළ පුද්ගලයන්ට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරිම පිණිස තමා විසින් අනුමැතිය ලබා දුන් බවයි.
 
තවද මෙම  හානිය සිදු කළපුද්ගලයා කවුරුන් වුවත්  මෙම පරිසරයේ වගකිම පැවරි ඇත්තේ  එහි වගකිය යුතු පුද්ගලයා වන උපකුලපතිවරයා ට බැවින් ඔහුට එරෙහිව මෙම  නඩුපැවරිම සිදු  කරන බවයි.
 
 
 

නව අදහස දක්වන්න