ශ්‍රී ලංකාවේ ආයෝජනයට අවස්ථා රැසක් උදාවෙලා | දිනමිණ

ශ්‍රී ලංකාවේ ආයෝජනයට අවස්ථා රැසක් උදාවෙලා

චන්දිමා කරුණාරත්න

2019 වර්ෂය ශ්‍රී ලංකාවේ විදෙස් ආයෝජකයන්ට අවස්ථාවන් රැසක් උදා කර දෙන වර්ෂයක් බවත් ආයෝජකයන්ට තමන්ගේ ව්‍යාපෘති සඳහා වර්තමාන ආර්ථික තත්ත්වය හොඳ අවස්ථාවක් නිර්මාණය කර තිබෙන බවත් බෙලූනා ආයතනයේ අධ්‍යක්ෂ හිරෝෂි යසුනු මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පසුගිය දා පැවැති Four Four Seven Luna Tower ව්‍යාපෘතිය සම්බන්ධව දැනුම්වත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වෙමිනි.

එහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ ද කීවේය. මේ අවස්ථාවට සහභාගිවීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. මෙය හොඳ අවස්ථාවක්. මේ ව්‍යාපෘතිය සඳහා අපගේ සහයෝගය උපරිමයෙන්ම ලබා දීමට බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවේ සිදු කරන විශාල ව්‍යාපෘති අතර එකක් ලෙස මෙය සිදු කරනවා. බෙලූනා දිස්ත්‍රික් ආයතනය ජපානයේ පිහිටා තිබෙනවා. පරිසර හිතකාමී ආකාරයට මේ ව්‍යාපෘති සිදු කරනවා.

කොළඹ නගරය තට්ටු නිවාස ව්‍යාපෘති සිදු කිරීම සඳහා හොඳ නගරයක් ලෙස විශේෂයක් දක්වනවා. අනාගතයේ දී එය නිවාස ලෙස ලබා ගැනීමේ හැකියාව තව දුරටත් වර්ධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතා උසස් තත්ත්වයේ ව්‍යාපෘති සිදු කරනවා.

මෙහි දී වර්තමානයේ පවතින ආර්ථික ස්වභාවය ගැන කතා කරන්න අවශ්‍යයි. මේ වර්ෂයේ විදෙස් ආයෝජකයන්ට හොඳ අවස්ථා රැසක් ශ්‍රී ලංකාවේ උදා කර දෙනවා. ආයෝජකයන්ට තමන්ගේ ව්‍යාපෘති සඳහා වර්තමාන ආර්ථික තත්ත්වය හොඳ අවස්ථාවක් නිර්මාණය කර තිබෙනවා.

නව අදහස දක්වන්න