සෙලින්කෝ ලයිෆ් 160කට ‘ප්‍රණාම’ ශිෂ්‍යත්ව ලබා දෙයි | දිනමිණ

සෙලින්කෝ ලයිෆ් 160කට ‘ප්‍රණාම’ ශිෂ්‍යත්ව ලබා දෙයි

අධ්‍යාපනය තුළින් පුද්ගලයන්ගේ ජීවිත පමණක් නොව සමස්ත සමාජයම ධනාත්මකව වෙනස් කළ හැකි බව පසක් කරමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ 18 වැනි ‘ප්‍රණාම’ ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ දක්ෂ තරුණ ශ්‍රී ලාංකිකයන් 160 දෙනකු වෙත පසුගිය දා නව ශිෂ්‍යත්ව ප්‍රදානය කළේය.

මෙහි දී පහ වසර ශිෂ්‍යත්වයෙන්, අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවලින් සමත් වූ දරුවන්ට සහ ක්‍රීඩාව, සංස්කෘතිය, කලාව, නාට්‍ය සහ නව සොයා ගැනීම් සඳහා ජාතික හෝ ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ හිමි කරගත් තරුණ තරුණියන්ට රුපියල් මිලියන 12කට ආසන්න මුදලක් මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළෙඳ පොළ ප්‍රමුඛයා විසින් මේ වාර්ෂික ශිෂ්‍යත්ව ප්‍රදානයේ දී ලබාදෙන ලදී. මේ වන විට ශිෂ්‍යත්ව වැඩසටහන මඟින් රුපියල් මිලියන 143ක ප්‍රතිලාභ මෙරට සිසු දරුවන් 2,568 දෙනකුට ලබා දී තිබීම කැපී පෙනේ.

මේ වැඩසටහනට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් සහභාගී වූ මොරටුව විශ්වවිද්‍යාලයේ උප කුලපති, මහාචාර්ය කපිල පෙරේරා මහතා අවධාරණය කළේ දරුවන්ගේ කුසලතා සහ ජයග්‍රහණ මගින් මවුපියන්ගේ, ඔවුන්ගේ පවුලේ, නෑදෑයන්ගේ, ගුරුවරුන්ගේ, විදුහල්පතිවරුන්ගේ සහ සමස්ත සමාජයේම ජීවිත ධනාත්මකව වෙනස් කළ හැකි බව මවුපියන් මතක තබාගත යුතු බවයි.

නව අදහස දක්වන්න