ගෝඨාභය මැතිවරණයට ඉදිරිපත්වීම එජාපෙට අභියෝගයක් නොවෙයි | දිනමිණ

ගෝඨාභය මැතිවරණයට ඉදිරිපත්වීම එජාපෙට අභියෝගයක් නොවෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණයට ඉදිරිපත්වීම එක්සත් ජාතික පෙරමුණට අභියෝගයක් නොවන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

සුළු ජනතාවගේ ඡන්ද දිනාගැනීමට එම අපේක්ෂකයාට හැකියාවක් නොමැති බව සෞඛ්‍ය ඇමැතිවරයා පෙන්වා දෙයි. සුළු ජාතීන් සමඟ කෑම මේසවල වාඩි වී සිටියත්, ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය රජය සමයේ සුළු ජාතිකයන්ට කළ හිරිහැර ඔවුන්ට අමතක නොවන බවද සෞඛ්‍ය ඇමැතිවරයා අවධාරණය කර සිටියි.

ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණට සිටින හොඳම ප්‍රතිවාදී අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතායි. මැතිවරණයේ දී ජයග්‍රහණය කිරීම සඳහා එක්සත් ජාතික පෙරමුණට හැකියාවක් ඇති බව පෙන්වා දෙන සෞඛ්‍ය ඇමැතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා මුල සිටම දේශපාලන ව්‍යාපාරය ආරම්භ කළ යුතු බව සඳහන් කරයි. 2015 ජනාධිපතිවරණයට පෙර හිටපු ජනාධිපතිවරයා ද දකුණේ ඡන්දවලින් පමණක් ජයග්‍රහණය කළ හැකි බවට විශ්වාස කළත් එය පරාජය කිරීමට අපට හැකි වූ බව සෞඛ්‍ය ඇමැතිවරයා සඳහන් කරයි. ජාතිවාදය, ආගම්වාදය, කුලවාදයට ජනතාව තවත් ඡන්දය නොදෙන බව සෞඛ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් පවසයි.

නව අදහස දක්වන්න