චුයින්ගම්වල දමා හිර ගෙදරට කුඩු ගෙනැල්ලා | දිනමිණ

චුයින්ගම්වල දමා හිර ගෙදරට කුඩු ගෙනැල්ලා

අනුරාධපුර මධ්‍යම විශේෂ

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ප්‍රධාන ගොඩනැඟිල්ලේ පිහිටි සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවකුට චුයින්ගම්යක් තුළට දැමූ හෙරොයින් පැකට් තුනක් ලබාදුන් තරුණයකු හා සිර මැදිරියේ සිටි පුද්ගලයාගේ මාමා, සේවයේ නිරතවී සිටි පොලිස් නිලධාරින් දෙදෙනෙකු විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ චෝදනාවක් සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරු බැලීම සඳහා සැකකරුවන් දෙදෙනා පැමිණ ඇති අතර ඔවුන් සැකකරු සමග ස්වල්ප වේලාවක් කථා බස් කරමින් සිට නික්ම ගොස් නැවතත් ඔහු බැලීමට පැමිණි අවස්ථාවේ කාන්තා සැකකාරියන් බාරව සිටින ආරක්ෂක මාතා එච්.කේ.ගුනවතී මහත්මියට ඔවුන් පිළිබදව සැකසිතී ඒ පිළිබඳව පොලිස් නිලධාරින්ට දන්වා තිබේ.

සැකකාර තරුණයා අතේ සගවා ගෙන සිටි චුයින්ගමය සිර මැදිරියට වීසිකරනවාත් සමගම පොලිස් සැරයන්වරයකු හා පොලිස් කොස්තාපල්වරයකු සැකකරු අත්අඩංගුවට ගෙන චුයින්ගමය පරික්ෂාවට ලක් කළ අවස්ථාවේ එහි කුඩා හෙරොයින් පැකට් තුනක් තිබූ බවත් සැකකරු සමග පැමිණි පොලිස් සිරිමැදිරියේ සිටි පුද්ගලයාගේ මාමා පරික්ෂාවට ලක් කළ අවස්ථාවේ ඔහු ඇඳ සිටි කලිසමේ සාක්කුවේ හෙරොයින් පැකට් එකක් සඟවා ගෙන තිබූ බවත් පොලිසිය පැවසුවේය.

සැකකාර තරුණයාගෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කළ අවස්ථාවේ සැකකාර මිතුරා තමන්ට හෙරොයින් අවශ්‍ය බව ඔහුගේ මාමාට පැවසු අවස්ථාවේ ඔහුට හෙරොයින් ලබාදීමට උපක්‍රමය භාවිතා කළ බවත් මාමා විසින් හෙරොයින් පැකට් තුන ඔහුට ලබාදෙන ලෙස ලබාදුන් උපදෙස් අනුව චුයින්ගමය තුළ රඳවා හෙරොයින් ලබාදුන් බවත් සැකකාර තරුණයා පොලිසියට පවසා ඇත.

පොලිස් සිර මැදිරියේ සිටි තරුණයකුට හෙරොයින් ලබාදීම හෙරොයින් ප්‍රවාහනය කිරීම යන චෝදනා සම්බන්ධයෙන් සැකකාර තරුණයා අත්අඩංගුවට ගත් බවත් සෙසු පුද්ගලයා හෙරොයින් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පැවසුවේය.

සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 23 සහ 40 වියේ පසුවන අතර ඔවුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

සිද්ධිය වන අවස්ථාවේ සේවයේ නිරතවී සිටි පොලිස් සැරයන් 29756 නැණතුංග හා පොලිස් කොස්තාපල් 56383 ප්‍රදීප් යන මහත්වරුන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.


නව අදහස දක්වන්න