පොලිස් රණවිරු දිනය මාතරදී උත්සවාකාරයෙන් | දිනමිණ

පොලිස් රණවිරු දිනය මාතරදී උත්සවාකාරයෙන්

එකසිය පනස්පස්වෙනි පොලිස් රණවිරු දිනය මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයේදි රණවිරු පවුල්වල සහභාගිත්වයෙන් පැවැත්විණි. එහිදි මාතර හම්බන්තොට දිසා භාර නියෝජ්‍ය පොලිස්පති විජිත් ගුණවර්ධන මහතා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝහාර දක්වන අයුරු සහ රණවිරු පවුල්වල සාමාජිකයන්ද රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝහාර දක්වන අයුරු. මේ අවස්ථාවට මාතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි ජි.එච්. මාරපන, මාතර පොලිස් අධිකාරි .වයි.එල්. ලීලවංශ., සහකාර පොලිස් අධිකාරි. බුද්ධික විජේසුන්දර, මාතර මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ධම්මික අමරසිංහ යන මහතවරු ඇතුළු පොලිස් නිලධාරින් එක්ව සිටියහ.

මාතර සමුහ
ඩබ්ලිව්.පි.ධර්මසේන


නව අදහස දක්වන්න