සෝමාවතී රක්ෂිතයෙන් කුඹුක් ගස් කැපූ සැකකරු අත්අඩංගුවට | දිනමිණ

සෝමාවතී රක්ෂිතයෙන් කුඹුක් ගස් කැපූ සැකකරු අත්අඩංගුවට

ත්‍රිකුණාමලය විශේෂ ඒ. ටි. එම්. ගුණානන්ද

සෝමාවති ජාතික උද්‍යානයේ දෙවැනි කොටසේ දිවුල්ගස්වැව, කළුගග ආසන්නයේ රැදි සිටිමින් කුඹුක් ගස් කපමින් සිටි පුද්ගලයෙකු යාන්ත්‍රික කියතක් සමඟ පෙරේදා (20) අත්අඩංගුවට ගැනිමට වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කන්තලේ අලි පාලන ඒකකයේ නිලධාරිහු සමත් වුහ.

දිවුල්ගස්වැව විදුලි වැටේ රාජකාරියේ නියුතු සිවිල් ආරක්ෂක භටයන් ලබාදුන් තොරතුරකට අනුව වනජිවි නියාමකවරුන් වන එම්.ජි.සි.පි.දසනායක, පි.එස්.එම්.ජයසිංහ, ටි.ජි.එස්. නිශාන්ත සිවිල් ආරක්ෂක ජ්‍යෙෂ්ඨ නියාමක අයි.එම්. ප්‍රියන්ත සිසිරකුමාර , සිවිල් ආරක්ෂක භට ජානක යන නිලධාරිහු මේ වැටලිම සිදු කළහ. සැකකරු මැදිරිගිරියේ පදිංචි අයෙකු වන අතර ඔහු මැදිරිගිරිය ප්‍රදේශයෙන් රක්ෂිතයට ඇතුළු වී තිබේ. ආහාර පිසිමින් තවත් පිරිසක් සමඟ සැකකරු දින ගණනාවක් රක්ෂිතයේ රැදි සිටිමින් දැව සංහාරය සිදුකර තිබේ.අත්අඩංගුවට ගත් යාන්ත්‍රික කියත ලියාපදිංචි නොකළ එකක් බවද අනාවරණය විය.


නව අදහස දක්වන්න