හෙම්මාතගම ඉළුක් ඉඩමක ගින්නක් | දිනමිණ

හෙම්මාතගම ඉළුක් ඉඩමක ගින්නක්

හෙම්මාතගම පොලිස් බල ප්‍රදේශයේ හෙම්මාතගම නගරය ආසන්නයේ ඇති මානා පඳුරු සහ ඉළුක් වැවුණු ඉඩමකට ගිනි ඇවිලී ප්‍රදේශවාසින් එක්ව පැය දෙකකට ආසන්න කාලයක වෙහෙස වි එම ගින්න අසල නිවාස වලට යාම වැළැක්වීමට කටයුතු කළේ මහත් පරිශ්‍රමයකිනි.

හෙම්මාතගම කපුරැක්ක විහාරස්ථානයට පිටුපසින් ඇති මෙම ඉඩමට කෙසේ ගින්න ඇවිලුනාදැයි හෙම්මාතගම පොලිසිය විසින් පරික්ෂණ පවත්වයි. ගින්න හේතුවෙන් අක්කරයකට ආසන්න භූමි ප්‍රදේශයකට හානි සිදු වු අතර එම ඉඩමේ තිබු පොල් ගස් කිහිපයකටද හානි සිදු වී ඇත. හෙම්මාතගම අරණායක මාර්ගයේ දුරකථන රැහැන් කිහිපයකටද ගින්න හේතුවෙන් හානි සිදු වී තිබිණි.

හෙම්මාතගම ග්‍රාම නිලධාරි සෙනරත් මහතා කපුරැක්ක විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ඇතුලු සෙසු හිමිවරු සහ ප්‍රදේශවාසීන් විසින් මෙම ගින්න පැතිර යාම වැළැක්විමට ක්ෂණිකව කටයුතු කරන ලදි. වියළි දේශගුණය නිසා ගින්න පැතිර ගියා නම් ඒ ආසන්නයේ නිවාස විහාරස්ථානයට පවා හානි විමේ ඉඩ කඩක් තිබුණු බව ද කියති.

එමෙන්ම එදින දහවල් වේරකේමාවනැල්ල විශේෂ සමන් විජය බණ්ඩාර ප්‍රදේශයේද කොළ ගොඩකට පුද්ගලයකු විසින් ගිනි තබා එම ගින්න ද ඉඩමක් පුරා පැතිර යමින් තිබියදි ප්‍රදේශවාසින් එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර තිබිණි.

හෙම්මාතගම සමූහ

 

නව අදහස දක්වන්න