බීමත්ව සැමියා ගැසූ පොළු පහර බිරිය අතේ හිටි දරුවාට වැදිලා | දිනමිණ

බීමත්ව සැමියා ගැසූ පොළු පහර බිරිය අතේ හිටි දරුවාට වැදිලා

අමිල ප්‍රභාත් වනසිංහ

නොච්ච්චියාගම පොලිස් වසමේ කටුපත්තෑව , කබරයාවැව ප්‍රදේශයේ දී බී මත් සැමියකු විසින් තම බිරියට එල්ල කළ පොලු පහර බිරියගේ අත සිටි දෙමස් හැවිරිදි දරුවාගේ හිසට වැදීමෙන් බරපතළ තුවාල ලැබි‍මේ සිද්ධියක් සම්බන්ධව නොච්චියාගම පොලිසිය පරික්ෂණ සිදු කරයි.

මෙම සිද්ධිය සිදුව ඇති අතර පසුව දරුවා නොච්ච්චියගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව නොච්චියාගම පොලිසිය පැවසිය.

මෙම පුද්ගලයා තම නිවස අසල නිවසේ මිතුරන් සමග මත්පැන් පානය කරමින් සිට ඇති අතර එහි පැමිණි ඔහුගේ බිරිය ඔහුට දොස් පවරා නිවසට එන ලෙස පවසා තිබේ. එම අවස්ථාවේ ඔහුගේ දෙමස් හැවිරිදි දැරුවාද බිරියගේ අත සිට ඇත. බිරිය එම ස්ථානයට පැමිණ දොස් පැවරීම නිසා එයින් කෝපයට පත් බීමතින් සිටි සැමියා අසල තිබු පොල්ලක් ගෙන බිරියට පහර දී ඇත.

මේ අවස්ථාවේ එම පොලු පහර දරුවාගේ හිසට වැදීමෙන් දරුවා බරපතළ තුවාල ලබා ඇති බව පොලිස් පරික්ෂණවලදි හෙළිව තිබේ.

මෙම සිද්ධිය දුටු අසල් වැසියන් දරුවා රෝහල වෙත ගෙනයාමට කටයුතුකර එම බීමත් පුද්ගලයා අල්ලා ඔහුට පහර දී ගස් බැඳ පොලිසියට භාර දීමට කටයුතු කර ඇත.

අත්අඩංගුවට ගත් සක කරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.නොච්චියාගම පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රසාද් ජයතිලක මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා අපරාධ අංශයේ ස්ථානාධිපති උ.පො.ප තිස්ස රත්නායක , අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උ.පො.ප තිළිණ මධුසංක පො සැ.7614 පතිරාජ ඇතුළු නිලධාරීන් පරක්ෂණ සිදු කරයි.

නව අදහස දක්වන්න