කවි-කිවිඳියන්ට කවි ගම්මාන | දිනමිණ

කවි-කිවිඳියන්ට කවි ගම්මාන

උපාලි කරුණාරත්න

කවි- කිවිදියන් සහ ඔවුන්ගේ අනාගත පරපුර වෙනුවෙන් උදා ගම්මාන වැඩ සටහන යටතේ දිස්ත්‍රික් මට්ටමින් ‘ කවි ගම්මාන‘ වැඩ සටහනක් කඩිනමින් ක්‍රියාත්මක කරන බව ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ වන විට රට පුරා උදා ගම්මාන 1926ක් ඉදිවෙමින් පවතින බවත් මෙම වසරේ සැප්තැම්බර් මාසයේ අග වනවිට උදා ගම්මාන 2500ක් ජනතාවට දායාද කිරීම රජයේ බලාපොරොත්තුව බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම අද දිනයේ සිට රට පුරා ජීවත්වන කවි- කිවිදියන්ගේ සුබ සාදනය වෙනුවෙන් අලුතින් මූල්‍ය ආධාර වැඩ සටහනක් ආරම්භ කරන බවද මෙමගින් රෝගාබාධයන්ට ලක් වූ කලාකරුවන්ට, වයෝවෘද්ධ කලාකරුවන්ට විශාල සහනයක් ලැබෙනු ඇති බවද සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා පැවැසීය.

සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා මේ අදහස පළ කළේ ඊයේ (21) කොළඹ නිදහස් චතුරශ්‍රයේ පැවැති ලෝක කවිදින සැමරුම් උළෙලට සහභාගී වෙමිණි. දීර්ඝ කාලයක සිට රටේ පවතින කලාංගයන් සුරැකීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සැකසිය යුතු බවද ඇමැතිවරයා මෙහි දී පැවැසීය.

නව අදහස දක්වන්න