ජොන්ස්ටන්ට එරෙහි නඩුව 5දා යළි කැඳවයි | දිනමිණ

ජොන්ස්ටන්ට එරෙහි නඩුව 5දා යළි කැඳවයි

සතොස ආයතනයේ සේවකයන් 153ක් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතු සඳහා යෙදවීම සම්බන්ධව හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව අප්‍රේල් මස 05දා යළි කැඳවන මෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (22) නියම කළාය.

එහි දී විත්තියේ නීතිඥවරු විසින් මේ නඩුවට අදාළ මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව දැනුම් දීමෙන් පසුව නඩුව නැවත ලබන 05 වැනිදා කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරිය නියම කර ඇත.

එදිනට මේ මූලික විරෝධතා සහ ඊට අදාළ පිළිතුරු ඉදිරිපත් කිරීමට පියවර ගන්නා මෙන් මහේස්ත්‍රාත්වරිය පැමිණිලි සහ විත්ති පාර්ශ්වයේ නීතිඥවරුන්ට දැනුම් දී ඇත.

2010 සහ 2014 යන වසරවලට අදාළ කාලසීමාව තුළ සතොස ආයතනයේ සේවකයන් 153 දෙනකු ඔවුන්ගේ නිත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට රුපියල් කෝටි 4ක පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනකුට එරෙහිව මේ නඩුව ගොනු කර ඇත.

අමෝදා ජයමහ

නව අදහස දක්වන්න