හබ­ල­ක්කාව දහම් පාසලේ දරුවෝ අකුරු ලියන්නේ එළි­ම­හනේ | දිනමිණ

හබ­ල­ක්කාව දහම් පාසලේ දරුවෝ අකුරු ලියන්නේ එළි­ම­හනේ

අර­ණා­යක ප්‍රාදේ­ශිය ලේකම් කලා­ප­යට අයිති හබ­ල­ක්කාව ශ්‍රී සුච­රිත දහම් පාසලේ දරු­වන් 100කට ආසන්න පිරි­සක් දහම් අධ්‍යා­ප­නය ලබන්නේ ප්‍රමා­ණ­වත් පහ­සු­කම් නොමැ­ති­වය. හබ­ල­ක්කාව විහා­ර­ස්ථා­නය මඟින් මේ දහම් පාසල පව­ත්වා­ගෙන යන අතර එහි ප්‍රධා­නා­චාර්ය සහ නියෝජ්‍ය අචා­ර්ය­ව­රුන් වශ­යෙන් කට­යුතු කරන්නේ විහා­ර­ස්ථා­නයේ දැනට වැඩ වාසය කරන තරුණ හිමි­ව­රුන් දෙනම විසිනි. හබ­ල­ක්කාව, තල්ග­ස්පි­ටිය, අඹ­කු­ඹුර,බකු­ල්වල, කොට්ට­ල්බද්ධ යන ගම්මා­න­වල දරු­වන් ඉරිදා දින දහම් පාස­ලට සහ­භාගි වන අතර 1 වසරේ සිට අව­සන් වසර දක්වාම පන්ති පැවැත්වේ. මෙහි ‍‍බොහෝ පන්ති පැවැ­ත්වෙන්නේ එළි­ම­හනේ පැදුරු එලා ගෙනයි. ප්‍රමා­ණ­වත් ඩෙස් පුටු මෙන්ම දරු­වන්ට අධ්‍යා­ප­නය ලබන්න ගොඩ­නැ­ඟි­ල්ලක් නැත. මේ දහම් පාසල වෙනු­වෙන් මීට අවු­රුදු 10 කට පමණ පෙර ඉදි­කි­රීම් ඇරැඹු බහු­කාර්ය ගොඩ­නැ­ල­ගිල්ලේ වැඩද නැවති ගොසිනි. සියලු දරු­ව­නට හා ගුරු­ව­රුන්ට පාවි­ච්චි­යට ගත හැකි ලෙස ඇත්තේ එක් වැසි­කි­ළි­යක් පමණි.

නියෝජ්‍ය දහම් පාසල් ආචාර්ය තල්කො­ට­යායේ අරි­ය­වංශ හිමි­පා­ණන් වහන්සේ-

දහම් පාසල ගොඩාක් අඩු­පාඩු මැද අපි පව­ත්වා­ගෙන යන්නේ. ප්‍රදේ­ශයේ ඉන්න දායක ගුරු මණ්ඩ­ලයේ උන­න්දුව මතයි. අවශ්‍ය ඩෙස්, පුටු, කාර්යාල පහ­සු­කම් නැහැ. වෙනත් දහම් පාස­ල්ව­ලට සාපේක්ෂව බැලු­වොත් අපේ දහම් පාසලේ අඩු­පාඩු විශාල වශ­යෙන් පව­ති­නවා. දහම් පාසල පැවැ­ත්වෙන ඉරිදා දින­යක ඇවිත් බැලු­වොත් වග­කිව යුතු නිල­ධා­රි­යෙ­කුට දරු­වන් මෙන්ම ගුරු­ව­රුන් පෙළෙන අප­හ­සු­තාව දැක ගැනි­මට පුළු­වන්.

මාව­නැල්ල විශේෂ සමන් විජය බණ්ඩාර

 

නව අදහස දක්වන්න