ඉදිකිරීම් හා කර්මාන්ත ප්‍රදර්ශනය අදත් හෙටත් | දිනමිණ

ඉදිකිරීම් හා කර්මාන්ත ප්‍රදර්ශනය අදත් හෙටත්

ජයසිරි මුණසිංහ

නව සංවර්ධන යුගයේ ඉදිකිරීම් හා කර්මාන්තවලට සහාය සැපයීමට ශ්‍රී ලංකාවේ පිරිසට මඟ කියාදෙන මහා ප්‍රදර්නය ඊයේ (22) කොළඹදී ඇරැඹිණි.

ලොව ඉතා දියුණු රටවල ජනතාවට හිමිවී තිබෙන ඉතා ආරක්ෂිත, අලංකෘත හා සෞඛ්‍ය සම්පන්න නවීන ඉදිකිරිම් හා සම්බන්ධිත දැනුම සහ උපකරණ මෙරට ජනතාව වෙතද හිමිකරදීමට මඟ පාදන මේ දැවැන්ත ඉදිකිරීම් හා කර්මාන්ත දැක්මක් ඊයේ (22) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලා භූමියේ විවෘත කැරිණි. 'ඉදිකිරීම් හා කර්මාන්ත බ්ල්ඩ් එස් එල් එක්ස්ෆෝ 2019' නම් වූ මේ ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවේ ජර්මනියේ සහ ලොව නම් දැරූ ගෘහ නිර්මාණ හා කර්මාන්ත ඉදිකිරීම් වලට භාවිතා කරන නව දැනුම උපකරණ ඉදිරිපත් කොට තිබුණි.

නිවාස හා ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස, සංවර්ධන උපායමාර්ගික හා ආයෝජන ප්‍රවර්ධන ඇමැති මලික් සමරවික්‍රම, බස්නාහිර පළාත් සභා මහනගර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක යන මහත්වරු විසින් මේ ප්‍රදර්ශනය විවෘත කරන ලද.

ජාතික ඉදිකිරීම් හා කර්මාන්ත වාණිජ මණ්ඩලය විසින් මේ ප්‍රදර්ශනය 15 වැනි වතාවට සංවිධාන කර තිබේ. ප්‍රදර්ශනය අදත් (23) හෙටත් (24) පැවැත්වේ.

ඡායාරූප-ෂාන් රඹුක්වැල්ල

නව අදහස දක්වන්න