කිසිම සංශෝධනයක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වී නෑ | දිනමිණ

කිසිම සංශෝධනයක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වී නෑ

ත්‍රිවිධ හමුදාව සඳහා ගුවන් යානා හෝ නැව් මිලදී ගැනීමේ කිසිදු සංශෝධනයක් පසුගිය අවුරුදු 4 තුළ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්වූයේ නැතැයි ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ඇමැති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහා චිනය විසින් සියලු අංගෝපාංග සහිත නැවක් (ෆිගෙට්) නොමිලේ දීමට ඉදිරිපත්ව ඇතැයි ද ඇමැති වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.

අමෙරිකා එක්සත් ජනපදය විසින් නොමිලේ ශ්‍රී ලංකාවට දුන් නැව මේ වන විට හවායිහි නාවික මධ්‍යස්ථානය වෙත ළඟාවී ඇතැයි සඳහන් කළ ඇමැතිවරයා ඉන්දියාවෙන් ඇණවුම් කළ නැව් දෙකද ගෝවේහි අවසන් සැකසුම් කටයුතුවල පවතින බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවට නොමිලේම නැව් පරිත්‍යාග කිරීමට රටවල් කිහිපයක් ඉදිරිපත්ව සිටීම හේතුවෙන් අලූතින් නැව් මිලදී ගැනීම සම්බන්ධයෙන් පසුගිය වසර 4 මුළුල්ලේම කැබිනට් මණ්ඩලයේ අවධානයක් යොමු නොවුනැයි ද ඇමැති වජිර අබේවර්ධන මහතා පෙන්වා දුන්නේය.

අවසන් අමාත්‍ය මණ්ඩල රැස්වීමට රුසියාවේ නිෂ්පාදිත ගුවන් යානා මිලදී ගැනීමේ සංදේශයක් ඉදිරිපත් වුවද ඊට වඩා අඩු මිල ගණන්වලට ස්වීඩනයෙන් ගුවන් යානා මිලදී ගැනීමේ යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි ද ඇමැති වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් කීය.

නව අදහස දක්වන්න