මුලින්ම හඳුනාගත්තොත් පිළිකා සුව කළ හැකියි | දිනමිණ

මුලින්ම හඳුනාගත්තොත් පිළිකා සුව කළ හැකියි

ශ්‍රි ලංකාව තුල පිරිමින්ට වඩා කාන්තාවන් අතරේ පිළිකා රෝගය පැතිරයාමේ වැඩි අවදානමක් දක්නට ඇති බවත් පිළිකා රෝගය පැතිරයාමට ඉඩ නො දි මුල් අවස්ථාවවේදිම හදුනා ගෙන ප්‍රතිකාර කළ හොත් එය ඉක්මනින්ම සුව කර ගත හැකි බව ශ්‍රි ලංකා පිළිකා වෛදයවරුන් ගේ සංගමයේ ලේකම් විශේශඥ වෛද්‍ය ජාලිය ජයසේකර මහතා පැවැසීය.

ශ්‍රි ලංකාවේ පිළිකා නිසා ඇති වන මරණ දෙවන ස්ථානයට පත්ව ඇති බැවින් පිළිකා අවදානම අවම කිරීම සඳහා ජනතාව දැනුවත් කිරිමේ අරමුණින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය හා ශ්‍රි ලංකා පිළිකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සමඟ එක්ව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දි පසු ගියදා පැවති මාධ්‍ය හමුවකට සහභාගි‍වෙම්න් විශේෂඥ වෛද්‍ය ජාලිය ජයසේකර මහතා වැඩි දුරටත් මේසේ ද පැවසිය.

ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන් 2018 වසරේ 28000 ක ප්‍රමාණයක් සිටියා. වසරකට අලුතින් පිළිකා රෝගින් පනස් දාහක් පමණ දිවයින පුරා රෝහල් වල ප්‍රතිකාර ගන්නට එනවා.පිළිකා රෝගය හැදිලා හොඳ වුන අය ඉන්නවා ඔවුන් සුව වුනා කියලා සමාජය ඉදිරියට ඇවිත් කියන්නේ නැ.පිළිකා රොගින් මැරෙනවා කියලා තමයි හිතා ගෙන සිටියත් පිළිකා රොගින් තුනෙන් එකක් සුව කරන්න පුළුවන්.

පිළිකා රෝගය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරිමේ මාධ්‍ය හමුවක් පසුගියදා (15) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දි පැවත්විණි.එහිදි ශ්‍රි ලංකා පිළිකා වෛද්‍යවරුන් ගේ සංගමයේ ලේකම් විශේශඥ වෛද්‍ය ජාලිය ජයසේකර මහතා මාධ්‍ය දැනුවත් කළ අයුරු.එම අවස්ථාවට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රංජිත් බටුතුඩාව විශේෂඥ වෛද්‍ය නුරාඩ් ජෝසප් විශේශඥ වෛද්‍ය ප්‍රසන්න ජයසේකර විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මන මහත්වරු ද සහභාගි වූහ.

අරුණ ඩයස්
ජායාරැපය විමල් කරුණාතිලක

නව අදහස දක්වන්න