මෙරට පුරවැසියෙක් නොවන ශලීලට ඇප දෙන්න බැහැ | දිනමිණ

මෙරට පුරවැසියෙක් නොවන ශලීලට ඇප දෙන්න බැහැ

සුභාෂිණී සේනානායක

සයිබර් ප්‍රහාරයක් සිදු කර තායිවානයේ බැංකුවකින් රුපියල් ලක්ෂ 3,000ක් පමණ මුදලක් සොරකම් කළ බවට සැකපිට රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇප මත සිටින ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ මහතා වි‍දෙස් ගත වීමට අධිකරණයෙන් සිදු කළ ඉල්ලීම ඊයේ (21දා) කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ප්‍රතික්ෂේප කළේය.

ශලීල මුණසිංහ මහතා වෙනුවෙන් පෙනි සිටි නීතිඥ මහතා සිදු කළ ඉල්ලීම සම්බන්ධ නියෝගය ලබා දෙමින් සැකකාර ශලීල මුණසිංහ මහතා මෙරට පුරවැසිභාවය නොමැති අයකු බැවින් එම ඉල්ලීමට ඉඩ දිය නොහැකි බව කියමින් මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

මීට ඉහතදී සිදු කර ඇති ඉල්ලීමත් පුරෝගාමී විනිසුරුවරිය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා විදේශ පුරවැසියකු වන සැකකරුට විදේශ ගත වීමට අවසර ලබා දුනහොත් නඩුව සඳහා ඉදිරිපත් වීම අවදානම් සහගත බව කියා සිටියේය.

සිද්ධියට අදාළව නඩුව ලබන අප්‍රේල් මස 03 වනදා නැවත කැඳවීමට නියමිතය.


නව අදහස දක්වන්න