සුළි සුළඟක් සමග නිවාස 18කට හානි | දිනමිණ

සුළි සුළඟක් සමග නිවාස 18කට හානි

වර්ෂාවත් සමග ඇති වූ දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් අයගම, උඩුගල උතුර ප්‍රදේශයේ නිවාස 18 කට හානි සිදු ව තිබේ.

පොලීසිය පැවසුවේ, ඊයේ පස්වරුවේ ඇති වූ එම සුළඟින් සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති බවයි.

මේ අතර පළාත් 05 කට අද පස්වරු 02.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි අතර, තාලකාලික තද සුළං ද ඇති විය හැකි බවය.

නව අදහස දක්වන්න